
දේශීය අල බෝග වගාව
ප්‍රධාන ශක්ති ජනක ආහාර කාණ්ඩයක් වන අල බෝගයන්හි පෝෂණ සංයුතිය ඉතා ඉහළ වන අතරම, දේශීය අල බෝග වගාව මගින් විවිධ අල වර්ග වරින්වර වසර පුරාම අස්වැන්න නෙලාගත හැකි වීම යැපුම්, ගෘහස්ථ ආහාර සුරක්ෂිත කරගැනීමේ ක්‍රිවලියට ස්වභාව ධර්මයෙන් ලැබුනු අපූරු දායාදයකි. අල බෝග සඳහා පවතින ආවේණික වර්ධක ප්‍රචාරණය, පුළුල් වගා රටාවක් ඇති කිරීමේ හැකියාව, තරඟකාරී බව හා රෝග පළිබෝධ හානි සඳහා මනා ඔරොත්තු දීමේ හැකියාවක් සහිත වීම වැනි බොහොමයක් කරුණු හේතුවෙන්, දේශීය අල බෝග වගාව වත්මන් ලෝකය පත්ව සිටින ආහාර නිෂ්පාදනයේ අවදානමට මුහුණ දීම සඳහාත්, පෝෂණ විවිධත්වයක් ලබා ගැනීම උදෙසාත් පුළුල් ලෙස ව්‍යාප්ත කළ යුතු බෝග කාණ්ඩයකි. දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන් හි දී පවත්වනු ලබන, දේශීය අල බෝග වගාව පිළිබඳ එක් දින පුහුණු පාඨමාලාව මගින් දේශීය අල ප්‍රභේද, වගා කටයුතුවලදී අනුගමනය කළ හැකි තාක්ෂණික ක්‍රමවේද, දේශීය අල වර්ග සංරක්ෂණය කර ගනිමින් අල බීජ බැංකු පවත්වාගෙන යාම, නව ආදායම් මාර්ග විවර කර ගැනීම, යනාදී කරුණු පිළිබඳව සවිස්තරාත්මකව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සහිතව පුළුල් වශයෙන් සාකච්ඡා කරනු ලැබේ. දේශීය අල බෝග වගා කිරීමට ගොවීන් යොමු කිරීමෙන් ඔවුන්ට නව ආදායම් මාර්ග විවර කර දීමත්, දේශිය අල බෝග භාවිතයෙන් සිදු කළ හැකි විවිධ ආහාර නිෂ්පාදන පිළිබඳව හා දේශීය හා විදේශීය වශයෙන් ඇති වෙළඳ පොළ ඉල්ලුම පිළිබඳව ද පහදා දීමෙන් ගොවීන් මේ සඳහා දිරිමත් කිරීමත්, ගෘහස්ථ පෝෂණය ඉහළ නැංවීමත් මෙම පුහුණුවේ ප්‍රධාන පරමාර්ථයන් වේ. තවද, මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය
පාඨමාලාව ආරම්භක දින සහ ස්ථාන තෝරන්න

-
පාඨමලාව :-
දේශීය අල බෝග වගාව
(Free) - විෂය :- අලබෝග වගාව
- කාල සීමාව :- 1 Days
- ආරම්භක දිනය:- Course Starting Date
- ආයතනය :-
- දේශකවරුන් :- Lecturer Name Here
