කෘෂි පුහුණු මධ්‍යස්ථානය
වල්පිට
වල්පිට දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය කොට්ඨාසයේ සුන්දර ප්‍රදේශයක පිහිටා ඇත. මෙම වල්පිට දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය අක්කර 28 ක භූමි ප්‍රමානයකින් හෙබි ලස්සන ප්‍රදේශයකි. මෙම පුහුණු මධ්‍යස්ථානය 1936 දී ගොවි හමුදා පාසලක් ලෙස ආරම්භකර ඇති අතර 1948 දී මහමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිදුන් විසින් ගොවිකම් අභ්‍යාස විද්‍යාලය ලෙස නම් කරන ලදී. මධම රජයේ කෘෂීකර්ම දෙපාර්තමේන්තුවට අයත්ව තිබු මෙම මධ්‍යස්ථානය 1989 දී පළාත්සභා පිහිටුවීමත් සමග බස්නාහිර පළාත්සභාවේ පාලනය ගැනුනි. 1995 දී නැවත එක් අවුරුදු කෘෂිකර්ම පුහුණු පාඨමාලාව අරම්භ කල අතර, 2014 දී එම පාඨමාලාව සදහා NVQ 4 වන මට්ටම පිරිනැමුනි. එයට අමතරව අගය එකතු කිරීමේ පාඨමලා සහ වෙනත් ආයතන සඳහා පුහුණු පාඨමලා පැවැත්වීම සහ සංවිධානය කිරිම සිදු කරයි.

ආයතන ප්‍රධානී

නම- එන්. එස්. අස්සල ආරචිචි

තනතුර- සහකාර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ

දුරකථන අංකය- 071 8129926

විස්තරය- කෘෂිකර්ම විද්‍යාෙව්දී උපාධිය - පේරාදෙනිය. පශ්චාත් උපාධිය - වයඹ විශ්ව විද්‍යාලය

දේශකවරුන්