කෘෂි පුහුණු මධ්‍යස්ථානය
හෝමාගම
හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. 1983 ඔක්තෝබර් මස පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කර ඇති මෙම ආයතනය අක්කර 24 ක භූමි ප්‍රදේශයක් පුරා පිහිටයි. අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටා ඇති මෙම පුහුණු මධ්‍යස්ථානය මගින් පළාත තුල කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන් සදහා මල් වගාව, ආහාර තාක්ෂණය, උද්‍යාන හා භූමි අලංකරණය, පලතුරු වගාව, මීමැසි පාලනය, නිර්මාණශීලී ගෙවතු වගාව, බිම්මල් වගාව, කාබනික පොහොර නිෂ්පාදනය වැනි කෙටි කාලීන පුහුණු පාඨමාලා රාශියක් පවත්වනු ලබන අතර, එමගින් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය නැංවීම සදහා මහඟු කාර්යයක් ඉටුකරනු ලබයි. මෙම පුහුණු මධ්‍යස්ථානය මගින් ජාත්‍යන්තර ලෙස පිළිගත් කෘෂිකර්ම පුහුණු පාඨමාලාවක් වන කෘෂිකර්ම ක්ෂේත්‍ර සහකාර (NVQ level iv) එක් අවුරුදු කෘෂිකර්ම පුහුණු පාඨමාලාව හා පැළ තවාන් සංවර්ධන සහායක (NVQ level iii) පාඨමාලාව අඛණ්ඩව පවත්වාගෙන යන අතර ප්‍රායෝගික හා න්‍යායික දැනුම ලබා දීම මෙහිදී සිදුකරයි. තවද කොළඹ විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම තාක්ෂණ පීඨයේ උපාධි අපේක්ෂිත සිසුන් සඳහා ප්‍රායෝගික කෘෂි පුහුණුව (Farm practice course) මෙහිදී ක්‍රියාත්මක කෙරේ. මීට අමතර වශයෙන් විවෘත විශ්ව විද්‍යාල කෘෂිකර්ම උපාධි අපේක්ෂිත සිසුන් හට ත්‍රෛමාසික ප්‍රායොගික කෘෂිකාර්මික පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත්, පාසල් සිසුන් සහ කෘෂිකර්ම අධ්‍යාපනයේ නියැලි විවිධ කණ්ඩායම් සඳහා ප්‍රායෝගික කෘෂිකර්ම දැනුම සපයන තෝතැන්නක් ලෙස හදුන්වා දිය හැක. එමෙන්ම ප්‍රදේශවාසී ගොවි ජනතාවට හා ගෙවතු වගා කරුවන්ට අවශ්‍ය ගුණාත්මයෙන් ඉහළ රෝපණද්‍රව්‍ය නිෂ්පාදනයකර දීම අපේ තවත් එක් අරමුණක් වන අතර, ගොවිපල භූමිය තුළ නිපදවෙන එළවළු ,පලතුරු, පොල්, ගම්මිරිස් හා සත්ත්ව නිෂ්පාදන ඇතුලත් විවිධ කෘෂි නිෂ්පාදන මෙහිදී මිල දී ගැනිමටද අවස්ථාව සලසා ඇත.

ආයතන ප්‍රධානී

නම- වයි. කේ. බමුනුආරච්චි

තනතුර- සහකාර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ

දුරකථන අංකය- 070 3947896

විස්තරය- කෘෂිකර්මය පිළිබඳව විද්‍යාවේදී උපාධිය - පේරාදෙනිය

දේශකවරුන්