කෘෂි පුහුණු මධ්‍යස්ථානය
හොරණ
හොරණ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. එය හොරණ පාදුක්ක මාර්ගයේ හොරණ සිට 5kmක දුරකින් කනන්විල හි පිහිටා ඇත.1948 වර්ෂයේ ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ආරම්භ කර ඇති මෙම ආයතනය අක්කර 13ක භූමි ප්‍රදේශයක විසිරී ඇත. 1976දී එක් අවුරුදු ප්‍රායෝගික පුහුණු පාඨමාලා ආරම්භයත්,1982 වර්ෂයේ කෙටි කාලීන ප්‍රායෝගික පුහුණු පාඨමාලා ආරම්භයත් සමග පළාත තුළ කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන් සදහා මල් වගාව,ආහාර තාක්ෂණය, උද්‍යාන හා භූමි අලංකරණය, පලතුරු වගාව, මීමැසි පාලනය, ගෙවතු වගාව, බිම්මල් වගාව, කාබනික පොහොර නිෂ්පාදනය හා පටක රෝපණ වගාව සදහා දැනුම ලබා දීම හා තවත් පුහුණු පාඨමාලා රාශියක් පවත්වනු ලබයි. 1998 වර්ෂයේදී පාසල් හැරගිය සිසුන් සදහා දින 45ක භූමි දර්ශ නිර්මාණ හා ගෘහ අලංකරණය පාඨමාලාව ආරම්භ කල අතර, වර්තමානය වන විට නාවික හමුදා නිලධාරීන් හා පොලිස් විශේෂ සේවා බලකා නිලධාරීන් සදහා NVQ level iii මට්ටමේ උද්‍යාන අලංකරණ ශිල්පී පාඨමාලාව හා පැළ තවාන් සංවර්ධන සහයක පුහුණු පාඨමාලාව ලබාදීම මෙහිදී සිදු කරයි. එමෙන්ම ප්‍රදේශවාසී ගොවි ජනතාවට අවශ්‍ය ගුණාත්මයෙන් ඉහළ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරදීමත් ගොවිපල භූමිය තුළ නිපදවෙන එළවළු, පලතුරු, පොල්, සත්ත්ව නිෂ්පාදන ඇතුලත් විවිධ කෘෂි නිෂ්පාදන මෙහිදී මිලදී ගැනීමටද අවස්ථාව සලසා ඇත.

ආයතන ප්‍රධානී

නම- ග්‍රේටා මහවිතානගේ

තනතුර- සහකාර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ -

දුරකථන අංකය- 071 8059318

විස්තරය- කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදී උපාධිය

දේශකවරුන්