කෘෂි පුහුණු මධ්‍යස්ථානය
අඹේපුස්ස
1938 වර්ෂයේදී, සත්ව පාලන ගොවිපලක් ලෙස ආරම්භ කරනු ලැබූ මෙම ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ මඟ පෙන්වීම යටතේ, 1944දී, ප්‍රායෝගික ගොවිකම් පාසලක් ලෙස වැඩි දියුණු කරන ලදී. 1964 වර්ෂයේදී, පහතරට එළවළු බීජ නිෂ්පාදන ගොවිපලක් ලෙක අක්කර 200ක භූමියක් මේ යටතට අයත් විය. 1985දී, පලාත් සභා ක්‍රමය ආරම්භ කිරීමත් සමඟ, අක්කර 33ක භූමි ප්‍රමාණයක් සමඟින් බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින් නව මාවතකට පිවිසෙන ලදී. බස්නාහිර, සබරගමු හා වයඹ පලාත් 3ට මායිම්ව, මා ඔය මිටියාවතෙහි පිහිටා ඇති අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය, එදා සිට අද වන තෙක් සාර්ථකත්වයෙන් පිරිපුන්, කෘෂිකාර්මික දැනුමින් හසල තෝතැන්නක් ලෙස ඉතා තේජාන්විත ගමනක් යමින් සිටී. විධිමත් පුහුණුවක් තුළින් චිරස්ථායී කෘෂිකාර්මික සංවර්ධනය තම දැක්ම කරගනිමින්, බස්නාහිර පලාත තුළ තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය පාදක කොටගෙන පාසල් හැර ගිය තරුණ තරුණියන්ට, ගොවි ජනතාවට, පාසල් සිසුන්ට, රාජ්‍ය හා රාජ්‍ය නොවන පුද්ගලික අංශවල කෘෂිකාර්මික දැනුම අවැසි නිලධාරීන් හා වෙනත් පුද්ගලයින්ට, කෘෂිකාර්මික දැනුම ලබාදීම සහ ව්‍යවසායකත්ව පුහුණු ලෙස ගුණාත්මක බවින් යුත් විවිධ පුහුණු පාඨමාලා හා පුහුණු ඒකක, නව්‍යතාවයෙන් යුතුව, විධිමත්ව පවත්වාගෙන යමින්, ලාංකේය කෘෂිකර්මාන්තයට තම මෙහෙවර මැනවින් ඉටු කරයි. පටක රෝපණ විද්‍යාගාර පහසුකම්, පාංශු විද්‍යාගාර පහසුකම් ඇතුළුව, ගෙවතු වගාව, මී මැසි පාලනය, මල් වගාව, ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව, ආහාර තාක්ෂණය, උද්‍යාන අලංකරණය.....etc, ඇතුළු විවිධ කෙටි කාලීන කෘෂිකාර්මික පුහුණු පාඨමාලා රැසක්ද, පැල තවාන් ශිල්පී (NVQ 3) පාඨමාලාව, භූමි අලංකරණය (NVQ 3) පාඨමාලාව, කෘෂි යන්ත්‍රෝපකරණ පාඨමාලාව යනාදී, දිගු කාලීන පුහුණු පාඨමාලාද පවත්වනු ලබන අතර කෘෂි සංචාරක නිකේතන පවත්වාගෙන යාම මගින් සංචාරක ව්‍යාපාරයටද ඉමහත් රුකුලක් ලබා දේ

ආයතන ප්‍රධානී

නම- ශ්‍රියංගනී හේමලතා

තනතුර- සහකාර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ

දුරකථන අංකය- 071 8088579

විස්තරය- කෘෂිකර්මය පිළිබද විද්‍යාවේදි උපාධිය( B.Sc Agri) පේරාදෙණිය විශ්ව විද්‍යාලය. කෘෂි හා වැවිලි කළමනාකරණය පිඨයේ කෘෂි ව්‍යවසායකත්වය හා තාක්ෂණ කළමණාකරණය ( M.AETM) පිලිබද පශ්චාත් උපාධිය වයඹ විශ්වවිද්‍යාලය, හදාරමින් පවතී.

දේශකවරුන්