පුහුණු පාඨමාලා
Card image cap

Teachers training

teachers training for Advance level agriculture

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

course001

test discription

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

නිමි අගය ඉහළ නැංවූ ආහාර නිෂ්පාදනය

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය වන බොහෝමයක් ආහාර බෝග වල අස්වනු වසර පුරා විහිදී ගිය නිෂ්පාදකයන් ලබා දෙන අතර සමහර බෝග වල අස්වනු කන්නයකට සීමා වී පවතී. තවද කොස් ,දෙල් හා බොහෝ පළතුරු වර්ග වාරයකදී අස්වනු ලබා දෙන බව දැකගත හැක.එම අස්වනු වාරයන් වලදී වෙළඳපලට ඉදිරිපත් වන අස්වනු වල අධි සැපයුම වලට ලැබෙන මිල අස්වනු වල ලැබෙන මිල පහළ යන අතර අස්වනුද අපතේ යන බව දැක ගත හැක. ශ්‍රී ලංකාව තුළ බොහෝ එළවළු හා පලතුරු වර්ග පරිභෝජනය කරන්නේ නැවුම් ලෙස හෝ ව්‍යංජන ලෙස සැකසීම පමණි.නමුත් ආහාර පරිරක්ෂණ ක්‍රම භාවිතා කිරීම මඟින් එම ආහාර බෝග වලින් අගය එක් කළ ආහාර වර්ග නිෂ්පාදනය කළ හැක.එමගින් ආහාර අපතේ යාම අඩුවන අතර වෙළඳපල ඉහළ මිලක් ලබා ගත හැක.මෙම අගය එක් කළ ආහාර අපනයනය කිරීමටද විභවයක් පවතී.එම නිසා මෙම අගය එක් කළ ආහාර නිෂ්පාදනය මඟින් ව්‍යවසායක අවස්ථා බිහි කර ගත හැක.හොරණ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය මඟින් පවත්වනු ලබන අගය එක් කළ ආහාර වර්ග නිෂ්පාදනය දින 02 ක පුහුණුව මඟින් පුහුණුලාභීන් සඳහා ජෑම් ,චට්නි ,කෝඩියල් හා වෙනත් ආහාර පරිරක්ෂණ ක්‍රම භාවිතයෙන් නිපදවිය හැකි ආහාර වර්ග පිළිබඳ දැනුවත් කිරීම සිදු කරනු ලබයි.එම පුහුණුලාභීන්ව ව්‍යවසායකත්වයට යොමු කිරීම මඟින් නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම ,අස්වනු අපතේ යාම අඩු කිරීම,දේශීය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනීම මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණ වේ.අගය එක් කළ ආහාර නිෂ්පාදන පුහුණුව හා සම්බන්ධ වීම මඟින් ඔබටත් සාර්ථක ව්‍යවසායකයකු බවට පත්විය හැක.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

පටක රෝපණය - රු.5,000.00

පටක රෝපණ තාක්ෂණය වර්තමානයේ කෘෂිකර්මාන්තය තුළ භාවිතා වන ඉතා වැදගත් ක්ෂුද්‍ර රෝපණ ක්‍රමවේදයක් ලෙස හැඳින්විය හැක. මෙය, විශේෂිත තත්ත්ව යටතේ ශාක කොටසකින් නව ශාක පරම්පරාවක් බිහි කර ගත හැකි තාක්ෂණයකි. නාගරීකරණය හා ජනගහනය වැඩිවීමත් සමග ඒ හා සමානුපාතිකව ආහාර අවශ්‍යතාද සම්පූර්ණ කළ යුතු බැවින්, ඉල්ලුමට අනුව සාමාන්‍ය ක්‍රමවේද භාවිත කරමින් අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය ප්‍රායෝගික නොවූ අතර, පටක රෝපණ තාක්ෂණය මගින් එම අඩු පාඩුව මඟහරවා ගත හැකි විය. පටක රෝපණය මිල අධික තාක්ෂණයක් ලෙස මුල් කාලයේදී හැඳින්වුවද, අද වන විට එය විවිධ සරල හා පහසු උපක්ක්‍රම භාවිතා වන අඩු පිරිවැය ගෘහස්ථ කර්මාන්තයක් බවට පත්ව ඇත. මෙම තාක්ෂණය භාවිතයෙහි ප්‍රතිළුල පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැතිවීම, ප්‍රාග්ධනය පිළිබඳ ගැටලු හා නිවැරදි තාක්ෂණය භාවිතා නොකිරීම නිසා ශ්‍රී ලංකාව තුළ පටක රෝපණ තාක්ෂණය ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව ව්‍යාප්ත වී ඇත්තේ සුළු වශයෙනි. අඹේපුස්ස සහ හොරණ කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හිදී පවත්වනු ලබන දින 05 හි පටක රෝපණ තාක්ෂණය පුහුණු පාඨමාලාව මගින් නිවැරදි තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් පටක රෝපණය සිදු කරන නිවැරදි ක්‍රමවේදය න්‍යයාත්මකව හා ප්‍රායෝගිකව ද සාකච්ඡා කරනු ලබයි. වර්තමානයේ පලතුරු බෝග වලට පමණක් නොව විසිතුරු මල් නිෂ්පාදනයේදී ද, පටක රෝපණ තාක්ෂණය යොදා ගැනීම ක්‍රමයෙන් ඉහළ යන ප්‍රවනතාවයක් ඇත. එබැවින් බොහෝ දෙනා තුළ පටක රෝපණ තාක්ෂණය පිළිබඳව ඇති මිත්‍යාවන් බැහැර කර නිවැරදි තාක්ෂණය පිළිබඳ ක්‍රමානුකූල දැනුමක් ලබා දීමෙන්, මහා පරිමාණයෙන් හෝ කුඩා පරිමාණයෙන් ගෘහස්ථ මට්ටමින් හැකියාව ඇති පරිදි මේ සඳහා යොමු විය හැකිය. ආරම්භයේදී මූලික වියදම ඉහළ වුවද, පසුකාලීනව ඉහළ ආදායමකට යා හැකි හොඳ වෙළඳපලක් සහිත ක්ෂේත්‍රයකි, පටක රෝපණ තාක්ෂණය. මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය ( ගාස්කු අයකරණ පාඨමලාවකි, සම්පූර්ණ ගාස්තුව රු.5,000.00 කි.)

Paid/ගෙවන/செலுத்து

වැඩි විස්තර
Card image cap

බොන්සායි කළාව - රු.2,000.00

බොන්සායි කලාව යනු සජීවී කලාවකි. චීනයේ "පුන්සායි" නමින් උපත ලද මෙය, 12 වන සියවසේ සිට ජපානය තමන්ගේ සාම්ප්‍රදායික කලාවන් අතරට "බොන්සායි" නමින් එකතු කරගන්නා ලදී. 1970-75 කාලසීමාවේදී ලංකාවට බොන්සායි කලාව හඳුන්වා දෙන ලදී. බොන්සායි යනු, පැතලි බඳුනක සිට වූ ශාකයකි. ශාකයක් පැතලි බඳුනක සිට වූ පමණින්ම බොන්සායි ශාකයක් නොවන අතර, එය ඉවසීම, හැකියාව, කලාත්මක හා නිර්මාණාත්මක බව කැටිකරගත් ස්වාභාවික ශාකයක ආදර්ශනයකි. දැඩි සේ පිළිපැදිය යුතු නීතීන් මෙහි නොමැති අතර, විවිධ පරිසර පද්ධතිවල ඇති ශාකයන්ගේ ස්වභාවයන් ඉස්මතු කර ගැනීම සඳහා අවශ්‍ය රීතීන් සමූහයක් පමණක් ඇත. බොන්සායි ශාකයක් නිර්මාණය කිරීම දැඩි ආශාවෙන් යන ගමනාන්තයක් නොමැති චාරිකාවක් වැනිය. ( මෙම පාඨමලාව සඳහා ගාස්තු අයකරනු ඇත)

Paid/ගෙවන/செலுத்து

වැඩි විස්තර
Card image cap

පැලතවාන් සංවර්ධන සහායක - විශේෂ

අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයින් 100, 000 ක් සඳහා,වෘර්තීය පුහුණුව ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ කෘෂිකර්මාන්තය ක්ෂේස්ත්‍රයට අදාල විවිධ වෘත්තීන් සඳහා,ආධුනිකයින් හට, පැල තවාන් සංවර්ධන සහායක (NVQ Level 3) පාඨමාලාව න්‍යායික හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව මාස 06 ක කාලයක් පවත්වයි.මේ අනුව රජයේ රැකියාලාභී පුහුණුලාභීන් ලෙස අනාගතයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට පිවිසෙන පුහුණුලාභීන් සදහා මෙම පුහුණුව ඉතා වැදගත් වේ. මේ අනුව පැල තවාන් ක්ෂේත්‍රය පිළිබදව ඉහල න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් සමග ක්ෂේත්‍රයට පිවිසීමට මෙම පුහුණුලාභීන්ට අගනා අවස්ථාවක් උදාවී ඇත.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

වාණිජ ඇන්තූරියම් සහ උඩවැඩියා වගාව

දින දෙකක පුහුණූ පාඨමලාවක් වන අතර, ඇන්තූරියම් වාණජ ආකාරයෙන් වෙළද පොල අවශ්‍යතාවය අනුව සකස් කරන ආකාරය සහ උඩවැඩියා වගා පිළිබඳ පුහුණුව මෙම පුහුණු පාඨමලාව තුළින් ඔබට ලබා ගත හැකි අතර විශේෂ ලක්ෂණයක් වන්නේ ඇන්තූරියම් සහ උඩවැඩියා පිළිබඳ පුහුණුව එකම ආයතනයකින් පලපුරුදු දේශක මඩුලක් මගින් ලබා ගත හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

වානිජ පලතුරු පැල නිෂ්පාදනය හා බද්ධ කිරීම

පලතුරු නිෂ්පාදන ක්‍රියාවලිය කෘෂිකර්මාන්තයේ ඉතා වැදගත් අංශයක් වන උද්‍යාන විද්‍යාවේ අතිශය වැදගත් වූ අංශයකි. ඒ සඳහා උසස් ගුණාත්මයෙන් යුතු රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය මහා පරිමාණ කර්මාන්තයක් ලෙස මෙන්ම සුළු පරිමාණයේ ව්යාපාර වශයෙන් ද ව්‍යාප්තව ඇත. දිසත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හිදී පවත්වනු ලබන දින 02 ක ගුණාත්මක පලතුරු පැල නිෂ්පාදනය හා බද්ධ කිරීම පුහුණු පාඨමාලාව මගින්, උද්‍යාන බෝග වගාව ආශ්‍රිත බද්ධ පලතුරු ඇතුළු අනෙකුත් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සංවර්ධනය සඳහා අවශ්‍ය වන තාක්ෂණික හා කළමනාකරණ උපායමාර්ග පිළිබඳ මනා අවබෝධයක් න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සහිතව පුහුණු ලාභීන්ට ලබා දෙනු ලැබේ. ලංකාවේ පලතුරු පැල නිෂ්පාදනය රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම දායකත්වයෙන් සිදු වන අතර, පෞද්ගලික අංශය මෙහිදී වැඩි දායකත්වයක් දරයි. වර්තමානයේ රෝපණ ද්‍රව්‍ය (බද්ධ පලතුරු පැල) සඳහා ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් බොහෝ දෙනකු හට නිවැරදි දැනුම භාවිතයෙන් ව්‍යාපාරික මට්ටමින් ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කර හොඳ ආදායමක් උපයා ගත හැකි වීම, මෙහි දී ලැබෙන මහඟු අවස්ථාවකි. මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව

දේශගුණික වෙනස්කම් හමුවේ කන්න වශයෙන් සාම්ප්‍රදායික ක්‍රමවේද අනුගමනය කරමින් භෝග වගා කිරීම, ලාංකික ගොවියා කාලාන්තරයක් තිස්සේ හුරු පුරුදු වී ඇති ක්‍රමවේදයයි. එනමුත්, වර්තමාන ලෝකයේ කාර්මිකරණය හා වැඩිවන ජනගහනයත් සමඟ භූමිය සීමාකාරී සාධකයක් බවට පත් වීමත්, දේශගුණික හා කාලගුණික සාධක වල සිදුවී ඇති විපර්යාසයන් හේතුවෙන් කන්න වගාව මගින් කරනු ලබන නිෂ්පාදනයන්ගේ අතිරික්තකයක් පවතින අතර, මෙහිදී, දේශගුණික සාධකවල බලපෑම නොසලකා හරිමින් සීමිත භූමිය කාර්යක්ෂමව පරිභෝජනය කරමින් වසර පුරා අඛණ්ඩව සිදු කළ හැකි ආහාර නිෂ්පාදන ක්‍රමවේදයන් සඳහා අප යා යුතුය. ඒ අනුව ආරක්ෂිත භෝග වගාව යනුවෙන් හඳුන්වන්නේ ප්‍රශස්ත භෝග වර්ධනයක් අරමුණු කර ස්වාභාවික පරිසරය නවීකරණය කිරීමයි මහිදී වායව හා පාංශු පරිසරය යන දෙකම නවීකරණය කළහැකි නමුත් වායව පරිසරික නවීකරණයන් අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකේ. එබැවින් අනිවාර්යයෙන්ම වගා කාල සීමාව තුළ කෙටි කලකට හෝ ආවරණ යෙදීම නිසා මෙය ගෘහස්ථ භෝග වගාව (Indoor Culture) ලෙස ද හැඳින්වේ. තවද, පාරිසරික ත්ත්වයන් පාලනය කරන බැවින් පාලිත පාරිසරික කෘෂිකර්මාන්තය යන අරුත ඇතිව (Controlled Environmenttal Agriculture (CEA) ලෙසද හැදින්වේ. මෙමඟින් අහිතකර පාරිසරික තත්ත්වයන් තුළ පවා බාධාවකින් තොරව භෝග වගාව කරගෙන යා හැකි වේ. උදාහරණ - ශීත සෘතුව තුළ, ධ්‍රැවීය ප්‍රදේශවල, කන්තාරමය හෝ ශුෂ්ක ප්‍රදේශවල, අධික වර්ෂාව හො හිම පතනය යටතේ, අධික සුළං තත්ත්ව යටතේ, අධික රෝග/ පලිබෝධ උවදුරු ඇති විට. තවද ප්‍රශස්ත පාරිසරික තත්ත්ව ලබාදීම හේතුවෙන් ප්‍රශස්ත වර්ධනයක් ඇතිවී උසස් ප්‍රමිතියෙන් යුත්, අධික අස්වැන්නක් ලබාගත හැකි වේ.අවුරුද්ද පුරාම අඛණ්ඩ වගා හැකියාවත්, වගා කන්නය දීර්ඝ කරගැනීමත්, භූමි ප්‍රමාණයකින් ලැබෙන අස්වැන්න සැලකිය යුතු ලෙස වැඩි කරගත හැකි වේ. අඹේපුස්ස සහ හොරණ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හිදී පවත්වනු ලබන දින 02 ක ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව පුහුණු පාඨමාලාව මගින් විවිධාකාර ආරක්ෂිත ගෘහ වර්ග, ආරක්ෂිත ගෘහයක් ඉදිකිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු, බෝග තෝරා ගැනීම, දේශගුණික සාධක ආරක්ෂිත ගෘහ තුලදී යාමනය කර ගන්නා ආකාරය, බෝග වගා ක්‍රමය , නඩත්තු කටයුතු සඳහා යොදාගත හැකි නව තාක්ෂණික ක්‍රමවේද යනාදී, පුළුල් පරාසයක විහිදුණු කරුණු කාරණා රාශියක් පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබේ. මහාපරිමාණයෙන් නොවුවද කුඩා පරිමාණයෙන්ද සාර්ථකව ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව නියමිත තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගනිමින් සිදු කර ඉහළ ආදායමක් ලබා ගත හැක. මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

භූමි දර්ශ (Landscape) සංවර්ධන සාහායක NVQ 3

යුධ හමුදා සේවයෙන් විශ්‍රාම යන්නට ආසන්ව සේවයේ යෙදී සිටින හා තම වෘත්තීය හා පෞද්ගලික කටයුතු වලදී මෙම ක්ෂේත්‍රයේ වැදගත්වන යුධ හමුදා සමාජිකයින් ඉලක්ක කර ගනිමින් මෙම පාඨමපාව පවත්වනු ලබයි. යුධ හමුදා සේවයෙන් විශ්‍රාම යාමෙන් පසු අභිමානවත් විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු වශයෙන් සමාජයට වැඩදායී, යහපත් විශ්‍රාමික දිවියක් ගත කිරීම සඳහා වෘත්තීය මට්ටමේ උද්‍යාන අලංකරණ ශිල්පියකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ කෘෂිකාර්මික දැනුම ද අන්තර්ගත වූ වෘත්තීය පුහුණුවක් ලබා ගත හැකිය. තවද, පුහුණු කාලසීමව මාස 06 ක් වන අතර, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් (NAITA) තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් අනුමත කරන ලද, දේශීය සහ විදේශිය වශයෙන් පිළිගත් NVQ3 මට්ටමේ වටිනා සහතිකයක් පිරනමන අතර, බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වටිනා සහතික පත්‍රයක් මෙම පාඨමාලාව සම්පූර්ණයෙන් ම අවසන් කරන පුහුණුලාභීන් වෙත පිරිනැමේ. තවද, මෘදූ උද්‍යාන අලංකරනය, සැකසීම හා නඩත්තු කිරීම, දෘඩ උද්‍යාන අලංකරනය, සැකසීම හා නඩත්තු කිරීම, බිම් සැකසීම, ජලවහනය හා වාරි ක්‍රම භාවිතා කිරීම, සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීම, උපකරණ නඩත්තුව, ප්‍රතිවක්‍රීය ක්‍රියාවලියක් පවත්වාගෙන යාම, ඉහළ කලමණාකරණය සමග සම්බන්ධතා පවත්වාගෙන යාම , තවාන් පාලනය, සැලසුම් අවබෝධ කර ගැනීම යන විෂයන් අන්තර්ගත කර ඇත.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

ක්ෂේත්‍ර සහායක (කෘෂිකර්ම) NVQ 4

ක්ෂේත්‍ර සහායක (කෘෂිකර්ම) පුහුණු පාඨමාලාව මගින් නිපුණතාවයෙන් හා කුසලතාවයෙන් පිරිපුන් කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයට ලැදි කෘෂි ව්‍යවසායකින් බිහි කිරීම මූලික අරමුණ වන අතර, පාසැල් හැර ගිය හෝ උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි වූ, සිසුන් උසස් අධ්‍යාපනය කරා යොමු කරවීම. තවද, දේශිය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ජාතික වෘත්තීය සිදුසුකම් සහතිකය - 4 වන මට්ටම (NVQ 4) ක්ෂේත්‍ර සහායක (කෘෂිකර්ම) පුහුණු පාඨමාලාව සඳහා පිරිනැමීම සිදු කරන අතර, කලා විෂය ධාරිවන් හැදෑරූ සිසුන්ට මෙම පඨමලාව සාර්ථකව හැදෑරම තුළින් කෘෂිකාර්මික කේෂේත්‍රයේ රැකියා අවස්ථා සදහා ඉදිරිපත් වීමට අවස්ථාව ඇත. ඒ අනුව මෙම පාඨමලා කාල සීමාව වසරක් වන අතර, එමගින් ඔහුට හෝ ඇයට ; භූමිය සකස් කිරීම හා පාංශු සංරක්ෂණය, පැල තවාන් පිහිටුවීම හා නඩත්තුව, ක්ෂේත්‍ර බෝග සංස්ථාපනය හා නඩත්තුව, අස්වනු නෙලීම හා අස්වනු සැකසීම, කෘෂි යන්ත්‍ර උපකරණ ක්‍රියාකාරීත්වය හා නඩත්තුව, වෘත්තීමය ආරක්ෂණය සහ පරිපාලන ක්‍රියාදාමයන් පිළිබඳ අංගසම්පූර්ණ දැනුම හා අවබෝධය ලබා දීම සිදු කරයි. දිවයිනේ සෑම අයකුටම මේ සඳහා අයදුම් කිරීටම හැකි අතර, අවශ්‍ය නේවාසික සලසා ඇත. මෙම පාඨමාලාව සඳහා සහභාගීවන සෑම සිසුවෙකුට ම දෛනික දිරි දීමනාවක් ගෙවනු ලැබේ.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

කෘෂි යන්ත්‍රෝපකරණ පුහුණුව - I

ලෝකයේ තාක්ෂණයේ දියුණුවත් සමගම කෘෂිකාර්ම අංශයේ ඵලදායිතාවය වර්ධනය කිරීම උදෙසා කෘෂිකර්ම කටයුතු සඳහා අද වන විට විවිධ යන්ත්‍ර භාවිතා කරයි. ඒ අනුව ඉතා සරලව හා පහසුවෙන් අවබෝධකර ගත හැකි ආකරයට මෙම පාඨමලාව සැලසුම් කර ඇත. මෙම පාඨමලාව තුළින් න්‍යායාත්ම මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුවක් සහ කෘෂියන්ත්‍රෝපකරණ නඩත්තුව සිදු කරගන්නා ආකරය සම්බන්ධයෙන් පුළුල් දැනුමක ලබා ගත හැකිය. තවද, මෙම පාඨලාව අ.පො.ස සමාන්‍ය පෙළ සහ උසස්පෙළ අවසන් කරන ලද සිසුන්ට හා විවිධ‍ හේතුන්මත පාසල් ගමන අවසන් කර ඇති සිසුන්ට සහ කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් ඉලක්ක කර ගනිමින් දින 45ක කාලයක් සඳහා , කෘෂියන්ත්‍රෝපකරණ හා තිරසාර තාක්ෂණ පුහුණු පාඨමාලාව සඳහා ඔබට සම්බන්ධ විය හැකිය. ඒ අනුව, එන්ජිම් මූලධර්ම - සිව් පහර එන්ජිම, එන්ජිම් මූලධර්ම - දිවි පහර එන්ජිම, එන්ජිම් මූලධර්ම - වායු ශෝධක, ඉන්දන විදුම් පද්ධතිය, පිටාර නල පද්ධතිය, මෝටර් හා පද්ධති ක්‍රමය හඳුනා ගැනීම, සිව් රෝද ටැක්ට‍රයේ කොටස් හඳුනා ගැනීම, දිවි රෝද ටැක්ට‍රයේ කොටස් හඳුනා ගැනීම, සිව් රෝද ටැක්ට‍රයේ එන්ජින් ක්‍රියා කාරීත්වය, සිව් රෝද ටැක්ට‍රයේ ගියර් පද්ධතියේ ක්‍රියා කාරීත්වය, සිව් රෝද ටැක්ට‍රයේ ඇමුණුම් උපාංග හඳුනා ගැනිම, තෘණ කපන යන්ත්‍ර හඳුනා ගැනීම යන ආදි වශයෙන් මෙම පාඨමලාව සඳහා අන්තර්ගත කර ඇත. පාඨමලාව අවසානයේ දී වටිනා සහතික පත්‍රයක් පිරිනමයි.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

පැල තවාන් සංවර්ධන සහායක පාඨමාලාව NVQ 3

මෙම පාඨමලාව පාසැල් හැර ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා යුධ හමුදා සමාජිකයින් ඉලක්ක කර ගනිමින් පැල තවාන් සංවර්ධන සහායක පාඨමාලා දෙකක් ලෙස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය - අඹේපුස්, හොරණ, හෝමාගම, වල්පිට යන මධ්‍යස්ථානවලදී ඔබට මෙම පාඨමාලා හැදෑරිය හැකිය. සේවයෙන් විශ්‍රාම යාමට ආසන්න යුධ හමුදා සමාජිකයින් සඳහා පමණක් නොව මෙම පාඨලාව අ.පො.ස සමාන්‍ය පෙළ සහ උසස්පෙළ අවසන් කරන ලද සිසුන්ට හා විවිධ‍ හේතුන්මත පාසල් ගමන අවසන් කර ඇති සිසුන්ට නව යොවුන් වියේ සිටම ආදායම් මාර්ගයක් ලෙස කෘෂිකාර්මික ක්ෂේත්‍රය ආශ්‍රිතව ස්වං රැකියාවක් ආරම්භ කිරීමට අත්වැලක්, අඩිතාලමක් වශයෙන්ද, පැල තවාන් සංවර්ධන සහායක පාඨමාලාව පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් පවත්වනු ලබයි. පුහුණු කාලය මාස 06 ක් වන අතර, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වැදගත්වන කරුණු න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් ආවර්නය කරනු ලබයි. පුහුණුව අවසාන‍යේ කෘෂිකර්ම දැනුමෙන් සන්ද්ධ පුද්ගලයකු සමාජය හා මුහු කිරීම මෙහි ප්‍රධාන පරමාර්තය වේ. මෙහිදී ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) හා සම්බන්ධව තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් (TVEC) දේශීය සහ විදේශිය වශයෙන් පිළිගත් වටිනා සහතිකයක් (NVQ L3 මට්ටම) පිරිනමන අතර, බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වටිනා සහතික පත්‍රයක් පාඨමාලාව සම්පූර්ණයෙන් ම අවසන් කරන සිසුන් වෙත පිරිනැමේ. තවද, මෙම පාඨමලාව තුළ පැල තවානක සැකැස්ම, භූමිය සැකසීම හා තවාන් මධ්‍යය සැකසීම, මව් ශාක හා ග්‍රාහක ශාක තේරීම, ශාක ප්‍රචාරණය, ශාක ප්‍රචාරණය (අලිංගික/වර්ධක ක්‍රම මගින්), ශාක නඩත්තුව (පැල දැඩි කිරීම) යන විෂයන් පිළිබඳ පූර්ණ පුහුණුව ලබා දේ.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

කාබනික පොහොර නිෂ්පාදනය හා බෝග වගාව

කෘෂිකර්මාන්තයේ දී බෝග වල වර්ධනය හා පැවැත්මට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බාහිරින් පොහොර ලෙස සපයනු ලැබේ. පොහොර ගත්කල කාබනික පොහොර හා අකාබනික පොහොර ලෙස ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. අකාබනික පොහොර කෘතිමව නිෂ්පාදනය කරනු ලබන රසායනික පොහොර වන අතර, කාබනික පොහොර රසායනික දව්‍ය භාවිතා නොකර ශාකමය හා සත්වමය දව්‍ය භාවිතා කොට පරිසර හිතකාමීව නිෂ්පාදනය කරනු ලබන පොහොර වේ. කාබනික පොහොර වගාවන්ට යෙදීම මගින්, බෝග ශාකවලට මෙන්ම පරිසරයටද ඉමහත් වූ ප්‍රතිලාභ රාශියක් ලැබෙන අතර, මහා පරිමාණ වශයෙන් මෙන්ම ගෘහස්ත මට්ටමින් ද කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි ක්‍රමවේද රාශියක් පවතී. දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හිදී පවත්වනු ලබන දින 02 හි කාබනික පොහොර නිෂ්පාදනය හා බෝග වගාව පුහුණු පාඨමාලාව මගින් ගුණාත්මක කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ විවිධ ක්‍රමවේදයන් ඇතුළුව කාබනික පොහොර ආශ්‍රිත වූ ඉතා වැදගත් කරුණු කාරණා රාශියක් සවිස්තරාත්මකව ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිතව සාකච්ඡා කරනු ලැබේ. වර්තමානයේ, කාබනික ආහාරවලට ඇති ඉතා ඉහළ ඉල්ලුම හේතුවෙන් බොහොමයක් ගොවීන් කාබනික බෝග වගාවන් සඳහා යොමු වෙමින් පවතී. එහිදී, තම වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ව තමාට ම නිපදවා ගත හැකි නම්, එමගින් සෑහෙන මුදලක් ඉතිරි කරගත හැක. මෙම පුහුණු පාඨමාලාව හැදෑරීමෙන් පසු වඩාත් සුදුසු ක්‍රමවේදය තෝරා ගනිමින්, ගුණාත්මයෙන් යුතු කාබනික පොහොර නිෂ්පාදනයෙන් තම බෝග වගාවන් ගෙන් ඉහළ අස්වැන්නක් ලැබෙන පරිදි වගා කටයුතු සිදු සිදුකිරීමටත්, කාබනික පොහොර අලෙවියෙන් අමතර ආදායමක් ද උපයා ගත හැකි වන ලෙස ගෘහස්ත මට්ටමෙන් මෙන්ම ව්‍යාපාරික මට්ටමෙන් ද කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කළ හැක. මෙම පාඨමලාව සාර්තකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

කෘෂි යන්ත්‍රෝපකරණ පුහුණුව - II

කෘෂිකර්ම හදාරන පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා පෞද්ගලික ආයතන මගින් මෙහෙයවනු ලබන කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමලා හදාරන සිසුන් හට ඔවුන්ගේ විෂය නිර්දේශයන්ට අනුව කෘෂි යන්ත්‍රෝපකරණ ප්‍රායෝගික ක්‍රියා කාරකම් හා විෂයානුබද්ධ දැනුම ලබා දීමේ අරමුණින් දින 5 ක කෘෂි යන්ත්‍රෝපකරණ පුහුණු පාඨමලාව පවත්වනු ලබයි. මෙම පාඨමලාව සාර්ථකව නිම කරන සිසුන් හට වටිනා සහතික පත්‍රයක් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - බස්නාහිර, පිරිනමයි.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

දේශීය අල බෝග වගාව

ප්‍රධාන ශක්ති ජනක ආහාර කාණ්ඩයක් වන අල බෝගයන්හි පෝෂණ සංයුතිය ඉතා ඉහළ වන අතරම, දේශීය අල බෝග වගාව මගින් විවිධ අල වර්ග වරින්වර වසර පුරාම අස්වැන්න නෙලාගත හැකි වීම යැපුම්, ගෘහස්ථ ආහාර සුරක්ෂිත කරගැනීමේ ක්‍රිවලියට ස්වභාව ධර්මයෙන් ලැබුනු අපූරු දායාදයකි. අල බෝග සඳහා පවතින ආවේණික වර්ධක ප්‍රචාරණය, පුළුල් වගා රටාවක් ඇති කිරීමේ හැකියාව, තරඟකාරී බව හා රෝග පළිබෝධ හානි සඳහා මනා ඔරොත්තු දීමේ හැකියාවක් සහිත වීම වැනි බොහොමයක් කරුණු හේතුවෙන්, දේශීය අල බෝග වගාව වත්මන් ලෝකය පත්ව සිටින ආහාර නිෂ්පාදනයේ අවදානමට මුහුණ දීම සඳහාත්, පෝෂණ විවිධත්වයක් ලබා ගැනීම උදෙසාත් පුළුල් ලෙස ව්‍යාප්ත කළ යුතු බෝග කාණ්ඩයකි. දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන් හි දී පවත්වනු ලබන, දේශීය අල බෝග වගාව පිළිබඳ එක් දින පුහුණු පාඨමාලාව මගින් දේශීය අල ප්‍රභේද, වගා කටයුතුවලදී අනුගමනය කළ හැකි තාක්ෂණික ක්‍රමවේද, දේශීය අල වර්ග සංරක්ෂණය කර ගනිමින් අල බීජ බැංකු පවත්වාගෙන යාම, නව ආදායම් මාර්ග විවර කර ගැනීම, යනාදී කරුණු පිළිබඳව සවිස්තරාත්මකව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සහිතව පුළුල් වශයෙන් සාකච්ඡා කරනු ලැබේ. දේශීය අල බෝග වගා කිරීමට ගොවීන් යොමු කිරීමෙන් ඔවුන්ට නව ආදායම් මාර්ග විවර කර දීමත්, දේශිය අල බෝග භාවිතයෙන් සිදු කළ හැකි විවිධ ආහාර නිෂ්පාදන පිළිබඳව හා දේශීය හා විදේශීය වශයෙන් ඇති වෙළඳ පොළ ඉල්ලුම පිළිබඳව ද පහදා දීමෙන් ගොවීන් මේ සඳහා දිරිමත් කිරීමත්, ගෘහස්ථ පෝෂණය ඉහළ නැංවීමත් මෙම පුහුණුවේ ප්‍රධාන පරමාර්ථයන් වේ. තවද, මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

දේශීය ඖෂධ ශාක වගාව

ශ්‍රීලංකාව ඡෛව විවිධත්වයෙන් අනූන සමිපත් ආකාරයකි .දේශිය වෛද්‍ය ක්‍රමවේදය ආයුර්වේද යුනානි සහ දේශිය චිකිත්සක ආකාරගනියි. දේශිය වෛද්‍ය ක්‍රමවේදයේදි ශාකයක පත්‍ර. මුල්.ඵල.මල්. සහ කද යනාදි කොටස් මූලික වශයෙන් භාවිතා කරයි. ශාක ප්‍රභේද 93 කට වැඩි ප්‍රමාණයක් ඔෘෂධ ශාක ලෙස ප්‍රචලිතවෙයි .දීර්ග කාලිනව නිටිටාවට සුව කල හැකි ඔෘෂධ නිෂ්පාදනය කිරිම තුලින් දේශිය ශාක රැකගැනිම අත්‍යවශ්‍ය සාධකයකි. ඒවගේම මෙම පාඨමලාව සාර්තකව හැදෑරිමේන් ආර්ථික වාසි රාශියක් අත්පත් කර ගත හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

පාසැල් සිසුන් වෙත කෘෂිකර්මය

අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය ධාරාවන් යටතේ කෘෂිකර්මය හා කෘෂි තාක්ෂණවේදය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද, විශ්වවිද්‍යාල හා අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික අංශවලින් මෙහෙයවනු ලබන පාඨමාලා හදාරනු ලබන, කෘෂිකර්ම උපාධිදාරීන්, කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් හා පැල තවාන් සංවර්ධන සහායක, භූමි දර්ශ සංවර්ධන සහායක වැනි පාඨමාලා හදාරන උසස් අධ්යාපනයේ නියුතු ශිෂ්ය ශිෂ්‍යාවන්ටද, පාසැල් හා එම අදාල ආයතනවල අවශ්‍යතාව පරිදි කෘෂිකර්මයට අදාළ විවිධ අංශ පිළිබඳ දැනුම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලබාදීම පාසල් සිසුන් වෙත කෘෂිකර්මය පාඨමාලාව යටතේ සිදු කරනු ලබයි. මෙමගින්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අමතර රුකුලක් ලබා දීම ප්‍රධාන පරමාර්ථය වේ. මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

එලවළු ආශ්‍රිත නිෂ්පාදනය සැකසීම

එලවළු ආශ්‍රිත නිෂ්පාදනය සැකසීම....

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

එලවළු පලතුරු විජලනය හා ඇසුරුම් කිරිම

පලතුරු හා එළවළු අස්වැන්න වැඩිපුර ලැබෙන කාලවලදී, අතිරික්ත අස්වැන්න අපතේ යාම වළක්වා කල්තබා ගැනීමට, විජලනය කර සුරක්ෂිතව ඇසුරුම්කර වෙළදපොළට නිකුත් කිරීම මෙමගින් අදහස් වේ. විජලනය ක්‍රියාවලිය අනෙකුත් ආහාර කල් තබා ගැනීමේ ක්‍රිමවලට වඩා පහසු හා ලාභදායී වීම, සෑම එළවළු හා පළතුරු බෝගයක් සඳහාම මෙම ක්‍රිමවේදය යොදා ගත හැකිවීම, එළවළු පලතුරු අපතේ යාම අවම කර ආහාර හිඟ හෝ බෝග නොමැති කාලවලදී පරිභෝජනය කළ හැකි වීම හා ඉහළ මිලකට අලෙවි කල හැකි වීම යනාදිය එළවළු පලතුරු විජලනයේ ඇති වාසි දායක තත්වයන් වේ. අඹේපුස්ස සහ හොරණ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයෙහි දී පවත්වනු ලබන එළවළු පලතුරු විජලනය හා ඇසුරුම්කරණය පිළිබඳ එක්දින පාඨමාලාව මගින් විජලන ක්‍රියාවලිය සඳහා බෝග තෝරා ගැනීම, ඒවා සකස් කිරීම, විවිධ බෝගයන් සඳහා අනුගමනය කළ යුතු නව තාක්ෂණික හා සාම්ප්‍රදායික විජලන ක්‍රියාදාමයන් හා විජලනය කල බෝග වර්ග ඇසුරුම්කරණය පිළිබඳව ද සවිස්තරාත්මකව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව සාකච්ඡා කරනු ලැබේ. මෙමගින්, ව්‍යාපාරික මට්ටමෙන් හෝ ගෘහස්ථ මට්ටමෙන් එදිනෙදා පරිභෝජනයට සුදුසු පරිදි අතිරික්ත එළවළු හා පළතුරු විජලනය කර කල් තබාගැනීමට අවශ්‍ය පරිපූර්ණ දැනුමක් ලබා දේ. මෙවැනි නිෂ්පාදන වෙළඳපලට නිකුත් කිරීමේදී, ඉහළ ගුණාත්මයෙන් යුක්ත විය යුතු අතර එමගින් හොඳ ආදායමක් ලබාගත හැක. මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

සහල් පිටි හා බේකරි ආශ්‍රිත නිෂ්පාදන සැකසීම

කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයේ දී පිටි ලෙස ප්‍රධාන වශයෙන් භාවිතා කරනුයේ ආනයනික තිරිඟු පිටිවන අතර, ‍‍හල් පිටි ඇතුළු දේශීයව පවතින පිටි වර්ග (බඩ ඉරිඟු පිටි, මඤ්ඤොක්කා පිටි, කුරක්කන් පිටි. ) භාවිතය මගින් තිරිඟු පිටි ආනයනය සඳහා වැය වන විදේශ විනිමය අඩු කොට, පෝෂණ ගුණයෙන් ඉහළ ලෙඩ රෝග වලින් වැළකිය හැකි බේකරි නිෂ්පාදන ඇතුළු වෙනත් විවිධ ආහාර වර්ග සකස් කළ හැක. බස්නාහිර පළාතේ කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හි පවත්වනු ලබන දින 02 හි සහල් පිටි හා බේකරි ආශ්‍රිත නිෂ්පාදන සැකසීම පිළිබඳ පුහුණු පාඨමාලාව මගින්, තිරිඟු පිටි වෙනුවට සහල් පිටි යොදා ගෙන සැකසිය හැකි විවිධ ආහාර වර්ග හා බේකරි නිෂ්පාදන පිළිබඳව ප්‍රායෝගිකව කියා දෙනු ලැබේ. වර්තමානය වන විට සහල් පිටි ආශ්‍රිත ආහාර ජනප්‍රිය කරලීමේ වැඩසටහන් රාජ්‍ය අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වේ. ‍ඒ අනුව මෙම පුහුණු පාඨමලාව මහා පරිමාණ මෙන්ම සුළු පරිමාණ ව්‍යවසායකයින්ට ද ඉතා හොඳ ආයෝජන අවස්ථාවක් වන බැවින් ඉතා හොඳ ආදායම් මාර්ගයක් උත්පාදනය කිරිමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබා දෙනු ඇත. තවද, තවද, මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

කොස් ආශ්‍රිත නිෂ්පාදන සැකසීම

කොස් ආශ්‍රිත නිෂ්පාදන සැකසීම පිළිබඳ පුහුණු පාඨමලාව

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

රසකැවිලි නිෂ්පාදනය

දේශීය කර්මාන්තවල ඵලදායිතාව ඉහළ නැංවීම හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහාත්, දේශීය නිෂ්පාදනවලට හොඳ වෙළෙඳපලක් ඇති කිරීමෙන් නව ව්‍යවසායකයින් බිහි කිරීමත් උදෙසා දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් රසකැවිලි නිෂ්පාදනය අප රට තුළ දියුණු කිරීම මගින් විදේශ විනිමය රට තුලම ඉතිරි කර ගත හැක. දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයෙහි පවත්වනු ලබන රසකැවිලි නිෂ්පාදනය පිළිබඳ එක්දින පුහුණු පාඨමාලාව මගින් කුළුබඩු නිෂ්පාදන, විවිධ රසකැවිලි නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ජෙලටින් ආශ්‍රිත නිෂ්පාදන වැනි ගෘහස්ථව පහසුවෙන් කළ හැකි නිෂ්පාදනයන් ගුණාත්මයෙන් යුතු ව ප්‍රායෝගිකව සිදු කරන ආකාරය පිළිබඳව පුහුණු කෙරේ. මෙහිදී, කුඩා පරිමාණ ව්‍යවසායකයින් බිහි කිරීම මගින් ගොවීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත්, දේශීයව සෞඛ්ය සම්පන්නව නිෂ්පාදනය කරන රසකැවිලි කෙරෙහි ජනතාවගේ උනන්දුව හා ඉල්ලුම වැඩි කිරීම මගින් දේශීය කර්මාන්ත ඉහළ නැංවීම මෙම පුහුණු පාඨමලාවේ අරමුණු වේ. තවද, මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

මී මැසි පාලනය

මී මැස්සන් ඇති කිරීම මගින් මී පැණි හා මී ඉටි ඇතුළු මී මැස්සන් විසින් නිපදවනු ලබන ද්‍රව්‍ය මිනිසාගේ පරිභෝජනය සඳහා ලබා ගැනීමට යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රමවේ මී මැසි පාලනය නමින් හැදින්වේ. මී මැසි පාලනය විනෝදාංශයක් ලෙස මෙන්ම අමතර ආදායමක් ලබා ගැනීමට ස්වයං රැකියාවක් වශයෙන් සිදුකළ හැකි කර්මාන්තයකි. සාර්ථක මී මැසි පාලනයක් සඳහා එම කටයුතුවල විද්‍යාත්මක පදනම පිළිබඳ අවබෝධයක් මෙන්ම ක්‍රියාකාරකම්වල යෙදීමෙන් ලබා ගන්නා පුහුණුවද අත්‍යාවශ්‍ය වේ. මී මැසි පෙට්ටි ඇතුළු අවශ්‍ය උපකරණ සපයා ගැනීමට අවශ්‍ය මූලික පිරිවැය හැරුණු විට නඩත්තුව සඳහා වැය වන්නේ අඩු මුදලකි. එබැවින් මී මැසි පාලනය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වන අයකුට සිදුකළ හැකි කර්මාන්තයකි. දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හිදී පවත්වනු ලබන දින 02 හි මී මැසි පාලනය පිළිබඳ පුහුණුව යටතේ, මෙයට අදාළ වන සියලු විද්‍යාත්මක කරුණු හා ක්‍රිමවේදයන් පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සහිතව පුළුල්ව සාකච්ඡා කරනු ලැබේ.මී මැසි පාලනය හරියාකාරව සිදු කිරීමට නම්, නිවැරදි තාක්ෂණික මඟ පෙන්වීම අනිවාර්යයෙන්ම තිබිය යුතු අතර, මී පැණි ඇතුළු අනෙකුත් නිෂ්පාදන වලට ඇති දෙස් විදෙස් වෙළෙඳපොළ වටිනාකම ද ඉතා ඉහළ බැවින් හා සැමදා වෙනස් නොවන ඉල්ලුම හේතුවෙන් ද, අමතර ආදායම් මාර්ගයක් ලෙස හෝ ස්වයං රැකියාවක් ලෙස සිදු කිරීමෙන් ඉතා හොඳ ආදායමක් උපයා ගත හැකි වේ. තවද, මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

නිර්මාණශීලි ගෙවතු වගාව - II

මිනිසාගේ දෛනික ආහාර අවශ්‍යතා සඳහා එළවළු, පලතුරු වැනි බෝග වගා කිරීම මෙන්ම ගෘහ අලංකරණය සඳාහා විවිධ මල් වර්ග හා විසිතුරු ශාක වර්ගද, ඖෂධීය පැළෑටි ද, නිවස අවට භූමියේ, ගෙවත්තට ද අලංකාරයක් එකතු කරමින් සැලැස්මකට අනුව ක්‍රමානුකූලව වගා කිරීම නිර්මාණශීලී ගෙවතු වගාව ලෙස හැඳින්විය හැක. රසායන දව්‍ය භාවිතයෙන් තොරව පරිසර හිතකාමී ලෙස, තම පවුලට එදිනෙදා අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර වර්ග වියදමකින් තොරව තමාගේම ගෙවත්තෙන් ලබා ගත හැකි වීම මෙයින් ලැබෙන අනර්ඝතම ඵලය වන අතර, අතුරු ප්‍රතිඵල ලෙස මානසික සුවය, නිරෝගී බව, අමතර ආදායමක් ලබා ගත හැකි වීම යනාදිය හැඳින්විය හැක.අතීතයේ මෙන්ම වර්තමානයේ ද, සමාජය තුළ පන්ති තරාතිරම්වල භේදයකින් තොරව සෑම දෙනාම වාගේ ගෙවතු වගාවට ඉමහත් රුචිකත්වයක් දක්වයි. දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හිදී පවත්වනු ලබන දින 02 හි නිර්මාණශීලී ගෙවතු වගා පුහුණු පාඨමාලාව මගින් ගෙවත්තක් සැලසුම් කිරීමේ සිට, භූ විෂමතාවය අනුව සුදුසු ස්ථානයන්ට ගැලපෙන බෝග වර්ග තෝරා ගැනීම, බීජ තවාන් දැමීම, විවිධ වූ නිර්මාණශීලී වගා ක්‍රම අනුගමනය කිරීම, ඉඩකඩ කාර්යක්ෂමව පරිහරණය, නව තාක්ෂණික ක්‍රමවේදයන් ගෘහස්ත මට්ටමින් යොදාගත හැකි ආකාර, යනාදී සාර්ථක ගෙවතු වගාවක් සඳහා වැදගත් වන කරුණු රාශියක් පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිතව සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ඇත. එමගින් ඕනෑම අයෙකුට තමාට ඇති ඉඩකඩ ප්‍රමාණයට උචිත වන පරිදි සාර්ථක ගෙවත්තක් නිර්මාණශීලීව සැලසුම් කරගත හැකි අතර, භූමිය පමණක් නොව අවකාශයද ජයගනිමින්, සකසුරුවම් ලෙස ඉඩකඩ පරිහරණය කරමින් පෝෂදායි ගුණාත්මයෙන් යුතු ආහාර තමන්ටම නිෂ්පාදනය කරගත හැකි වේ. මෙම පාඨමලාව සාර්තකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

උද්‍යාන භූමි අලාංකරණ - II

තෝරා ගත් භූමි ප්‍රදේශයක දෘෂ්‍ය ලක්ෂණ ආකර්ෂණීය ලෙස වෙනස් කරනු ලබන ඕනෑම ක්‍රියාකාරකමක් උද්‍යාන භූමි අලංකරණය ලෙස සරලව හැඳින්විය හැක. ප්‍රියෝගිකව භූමියක් අලංකරණය කිරීමේදී, එහි සිත් ඇදගන්නා සුළු බව ඉහළ නැංවීමට විවිධ අංගෝපාංගයන් එකතු කරනු ලබයි. එලෙස අංගෝපාංගයන් ඇතුළත් කිරීම, දෘඩ උද්‍යාන භූමි අලංකරණය හා මෘදු උද්‍යාන භූමි අලංකරණය යන කොටස් දෙක යටතට අදාළ වන අතර, සමතුලිත හා ආකර්ෂණීය උද්‍යායන නිර්මාණයක් එළි දැක්වීමේ දී මේවා පිළිබඳ මනා අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ. දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හි දී පවත්වනු ලබන දින 05 උද්‍යාන භූමි අලංකරණය පුහුණු පාඨමාලාවේදී, ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට මූලිකත්වය ලබාදෙමින්, සමතුලිත නිර්මාණකරණයක් සඳහා දෘඩ හා මෘදු උද්යාන භූමි අලංකරණ සාධක යොදා ගන්නා ආකාරය පිළිබඳ ව ගැඹුරින් සාකච්ඡා කරනු ලබයි. උද්‍යාන භූමි අලංකරණ ක්ෂේත්‍රයේ නියැලි සිටින අයට මෙන්ම නවකයින්ට ද, ඉතා වැදගත් වූ සිත් ඇදගන්නා සුළු පුහුණු පාඨමාලාවක් වන අතර, නව තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් හා නිර්මාණාත්මක අංගෝපාංගයන් යොදා ගනිමින් තම උද්‍යාන නිර්මාණයේ ගුණාත්මක භාවය ඉහළ නංවා ගත හැකි දිශාවන් හා ක්‍රමවේදයන් පිළිබඳව මනා අවබෝධයක් මෙමගින් ලබා ගත හැක. තවද, මෙම පාඨමලාව සාර්ථකව නිමකරන පුහුණු ලාභින්ට ක්ෂේත්‍රයේ විවිධ අංශවල ආදායම් ඉපයීමක් සිදු කර ගත හැක අතර ඉහළ ඉල්ලුමක් වර්තමානයේ දී පවතී. පාඨමාලාව සාර්ථකව නිමකරන පුහුණු ලාභීන් උදෙසා වටිනා සහතික පතක් පිරිනමන අතර, අවශ්‍ය ඹ්නෑම අවස්ථාවක තාත්ෂණික උපදෙස් සහ සහයෝගය දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානවලින් ලබා ගත හැකිය. .

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

ඩ්‍රසිනා පත්‍ර සැකසීම

ඩ්‍රසීනා සැන්ඩ්‍රියානා යනු විසිතුරු පත්‍රික ශාක වර්ගයකි.මෙය ප්‍රධාන වශයෙන්ම මුල් ඇද්දවූ අතු කැබලි (rooted cuttings) විසිතුරු පත්‍ර(foliage) හා විසිතුරු පත්‍රික සැකසුම් ලෙස අප රටෙන් අපනයනය කෙරේ.දේශීය වෙලදපල තුලද ඩ්‍රසීනා විසිතුරු පත්‍රික සැකසුම් සදහා රු.600.00 සිට ඉහලට මිලක් පවතී. සාර්තක ඩ්‍රසීනා වගාවක් නඩත්තු කිරීම මගින් දේශීය වගාවෙන් මෙන්ම අපනයන ක්ෂේත්‍රයෙන් ද ඉතා හොද ව්‍යවසායකයන් හා ව්‍යාපාරිකයන් බිහි කල හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

පලතුරු ආශ්‍රිත නිෂ්පාදන සැකසීම

ශ්‍රී ලංකාව තුළ පුළුල් පරාසයක විහිදුණු පලතුරු වර්ග රැසක් විවිධ කාලවලදී, විවිධ ප්‍රදේශ වල, විවිධ දේශගුණික සාධක යටතේ වගා කළ හැකි අතර, ඒ ඒ ප්‍රදේශ වල පලතුරු සුලබ කාලවලදී, ඉතා විශාල පලතුරු ප්‍රමාණයක් නිසි කළමනාකරණ ක්‍රමවේදයක් නොමැති කමින් අපතේ යයි. මීට විසඳුමක් ලෙස අතිරික්ත පළතුරු යොදාගනිමින් අගය වැඩි කළ පලතුරු ආශ්‍රීත නිෂ්පාදන සැකසීම සිදුකල හැක. එමගින් වසර පුරාම විවිධ වූ පලතුරු, විවිධාකාර ක්‍රමවලට පරිභෝජනයට ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසෙන අතර, එමගින් පළතුරු වගාකරුවන්ට මෙන්ම මහා පරිමාණ හා සුළු පරිමාණ පලතුරු ආශ්‍රිත නිෂ්පාදන සකසන්නන්ට ද ඉහළ මිලක් හා ඉල්ලුමක් ඇති වේ. කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හි පවත්වනු ලබන දින 02 හි, පලතුරු ආශ්‍රීත නිෂ්පාදන සැකසීම පිළිබඳ පුහුණු පාඨමාලාව මගින් අතිරික්ත පලතුරු යොදා ගනිමින් විවිධ නිෂ්පාදන සිදු කරන ආකාරය ප්‍රායෝගිකව පුහුණු කරන අතර, මෙහිදී සුළු පරිමාණ නිෂ්පාදනකරුවන් බිහි කිරීම, ඔවුන්ව දිරි ගැන්වීම සඳහා ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමෙන් අත්වැලක් සැපයීම ප්‍රධාන අරමුණ වේ. එමෙන්ම, සුළු පරිමාණ ව්‍යවසායකයින්ට හොඳ වෙළඳපලක් නිර්මාණය කර ගැනීම සඳහා පුළුල් පරාසයක විහිදුණු අගය වැඩි කළ විවිධ නිෂ්පාදනයන් හා පාරිභෝගික ඉල්ලුම වඩාත් වැඩිපුර ඇති නිෂ්පාදන පිළිබඳ අවබෝධයක් ලබාදීම හා ප්‍රදේශ අනුව එහි ඇති විෂමතාවයන් පිළිබඳවද අවබෝධකර දෙනු ලැබේ. පලතුරු සඳහා වැඩි විභවයක් සහිත බස්නාහිර පළාත තුළ මේ සඳහා හොඳ වෙළඳපලක් පැවතීමද ව්‍යවසායකයින් සඳහා වාසිදායක තත්ත්වයකි. තවද, මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

ජර්බෙරා මල් වගාව

වර්තමානය වන විට උත්සව සැරසිලි හා අලංකාර කටයුතු සදහා ජර්බෙරා මල් භාවිතා කරන අතර එක් මලක් රු.20-30ක් වැනි මුදලකට අලෙවි කිරීමට හැකියාවක් පවතී.මේ සදහා රෝපණ මාධ්‍ය,දේශගුණික අවශ්‍යතා,රෝග හා පළිබෝධ,කැපුම් මල් සහ බදුන් ගත ප්‍රභේද නිවැරදිව හදුනා ගැනීම තුලින් සාර්ථක ජර්බෙරා මල් වගාවක් පවත්වා ගත හැක.දේශීය හා විදේශීය වෙළදපල තුල කැපූ මල් ලෙස ඉහල ඉල්ලුමක් ඇති මෙම වගාව නිවැරදි තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුකූලව නඩත්තු කිරීම තුලින් මාස 6ක් වැනි කෙටි කාලයකදී අස්වනු ලබා ගැනීමේ හැකියාව ඇත

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

කිරි ආශ්‍රිත නිෂ්පාදන සැකසීම

සියලු ක්ෂීරපායින්ගේ පළමු ආහාරය වන කිරි, අපගේ දෛනික ආහාර අතර වැදගත් ස්ථානයක් හිමි කර ගනියි. එහි අඩංගු ප්‍රෝටීන, ලිපිඩ, කාබෝහයිඩ්රේට්, විටමින, ඛනිජලවණ, ඇමයිනෝ අම්ල වැනි පෝෂ්ය පදාර්ථ නිසා එය ස්වභාවධර්මයා විසින් තිළිණ කරන ලද ආසන්නතම අංගසම්පූර්ණ ආහාරය ලෙස අවිවාදයෙන් යුතුව පිළිගැනෙයි. වර්තමානය වන විට ශ්‍රී ලාංකීය කිරි කර්මාන්තය වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, බහුතරයක් දෙනා පිටිකිරි පරිභෝජනයෙන් ඉවත් වී, සෞඛ්‍ය සම්පන්න දියර කිරි පරිභෝජනයට යොමුව සිටී. එනමුත් දියර කිරි පරිභෝජනයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටත්, කිරි නාස්තිය අවම කිරීමටත්, ඉතා හොඳ තත්වයේ දේශීය කිරි හා විවිධ කිරි ආහාර නිෂ්පාදනයන් දායක කරගත හැකිය. කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හි දී පවත්වනු ලබන දින 02 හි කිරි ආශ්‍රීත නිෂ්පාදන සැකසීම පිළිබඳ පුහුණු පාඨමාලාව මගින්, එළකිරි භාවිතයෙන් නිෂ්පාදනය කළ හැකි යෝගට්, කිරි ටොෆි, පනීර් වැනි විවිධ අගය වැඩි නිෂ්පාදන වර්ග රාශියක් ප්‍රමිතියෙන් යුතුව හා සනීපාරක්ෂණ ක්‍රම යොදා ගනිමින් නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව සවිස්තරාත්මකව හා ප්‍රායෝගිකව සිදු කරමින් දැනුම හා පුහුණුව ලබා ගත හැකිය. මෙමගින් දේශීය ගොවිපලවල නිපදවන කිරි, නාස්ති වීම අවම කොට කිරි ගොවීන්ගේත්, කිරි ආශ්‍රීත ආහාර නිෂ්පාදකයන්ගේත් ආර්ථිකය ශක්තිමත් කර ජනතාවට පහසු මිලට, අඛණ්ඩව, ඉහළ ගුණාත්මයෙන් යුතු කිරි නිෂ්පාදනයන් සැපයීම ස්ථාවර කිරීම සඳහාත්, රැකියා විරහිත පුද්ගලයින්හට ගෘහස්ථ මට්ටමින් ස්වයං රැකියාවක් ලෙස අගය වැඩි කළ කිරි නිෂ්පාදන සැකසීමට හා අලෙවියට අවශ්‍ය ක්‍රමෝපායන් කියාදෙමින් ඒ සඳහා අත්වැලක් සැපයීම ප්‍රධාන පරමාර්ථයන් වේ. තවද, මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

කාබනික පොහොර නිෂ්පාදනය

කෘෂිකර්මාන්තයේ දී බෝග වල වර්ධනය හා පැවැත්මට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බාහිරින් පොහොර ලෙස සපයනු ලැබේ. පොහොර ගත්කල කාබනික පොහොර හා අකාබනික පොහොර ලෙස ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. අකාබනික පොහොර කෘතිමව නිෂ්පාදනය කරනු ලබන රසායනික පොහොර වන අතර, කාබනික පොහොර රසායනික දව්‍ය භාවිතා නොකර ශාකමය හා සත්වමය දව්‍ය භාවිතා කොට පරිසර හිතකාමීව නිෂ්පාදනය කරනු ලබන පොහොර වේ. කාබනික පොහොර වගාවන්ට යෙදීම මගින්, බෝග ශාකවලට මෙන්ම පරිසරයටද ඉමහත් වූ ප්‍රතිලාභ රාශියක් ලැබෙන අතර, මහා පරිමාණ වශයෙන් මෙන්ම ගෘහස්ත මට්ටමින් ද කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි ක්‍රමවේද රාශියක් පවතී. දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හිදී පවත්වනු ලබන දින 02 හි කාබනික පොහොර නිෂ්පාදනය හා බෝග වගාව පුහුණු පාඨමාලාව මගින් ගුණාත්මක කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ විවිධ ක්‍රමවේදයන් ඇතුළුව කාබනික පොහොර ආශ්‍රිත වූ ඉතා වැදගත් කරුණු කාරණා රාශියක් සවිස්තරාත්මකව ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිතව සාකච්ඡා කරනු ලැබේ. වර්තමානයේ, කාබනික ආහාරවලට ඇති ඉතා ඉහළ ඉල්ලුම හේතුවෙන් බොහොමයක් ගොවීන් කාබනික බෝග වගාවන් සඳහා යොමු වෙමින් පවතී. එහිදී, තම වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ව තමාට ම නිපදවා ගත හැකි නම්, එමගින් සෑහෙන මුදලක් ඉතිරි කරගත හැක. මෙම පුහුණු පාඨමාලාව හැදෑරීමෙන් පසු වඩාත් සුදුසු ක්‍රමවේදය තෝරා ගනිමින්, ගුණාත්මයෙන් යුතු කාබනික පොහොර නිෂ්පාදනයෙන් තම බෝග වගාවන් ගෙන් ඉහළ අස්වැන්නක් ලැබෙන පරිදි වගා කටයුතු සිදු සිදුකිරීමටත්, කාබනික පොහොර අලෙවියෙන් අමතර ආදායමක් ද උපයා ගත හැකි වන ලෙස ගෘහස්ත මට්ටමෙන් මෙන්ම ව්‍යාපාරික මට්ටමෙන් ද කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කළ හැක. මෙම පාඨමලාව සාර්තකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

පළතුරු ශාක පුහුණු කිරීම හා කප්පාදුව

පළතුරු ශාක කප්පාදුවකුඩා කාලයේ සිට දරුවෙකු නිසි පාලනයක් සහිතව උස්මහත් කිරීමෙන්, විනයක් සහිත ගුණ ගුණගරුක පුද්ගලයකු සමාජයට දායාද වේ. එලෙසම ශාකද, පැල අවධියේ සිට පාලනයකින් තොරව ශාකයට අවශ්‍ය පරිදි වැඩෙන්නට ඉඩ හැරීමෙන්, එම ශාකයෙන් ලබා ගත හැකි නිසි ප්‍රයෝජන මෙන්ම උපරිම ඵල ද නො ලැබී යයි.මේ නිසා ශාකයක් පැළ අවධියේ සිටම නිසි ලෙස පුහුණු කරමින් වර්ධනය වීමට සැලැස්වීමෙන්, අපට එම ශාකයෙන් ඉමහත් ඵල ප්‍රයෝජන ලබාගත හැකිවනවා සේම ශාකයේ නිරෝගී වර්ධනයට හා පැවැත්මට ද එය මහත් රුකුලක්‍ වේ. අවශ්‍ය උසකට ශාක නඩත්තු කිරීම, රෝග හා පලිබෝධ පාලනයට, ඉහළ අස්වැන්නක් සෑම කන්නයකදීම ලබාගැනීමට, ශාකයට නිසි හැඩයක් ලබා දීම වැනි හේතු රාශියක් පදනම් කර ගනිමින් ශාක පුහුණු කිරීම හා කප්පාදුව සිදු කරනු ලබයි.දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්යස්ථාන්හිදී පවත්වනු ලබන පලතුරු ශාක පුහුණු කිරීම හා කප්පාදුව පුහුණු පාඨමාලාවේ දී, මේ හා අදාල සියලු න්‍යායාත්මක කරුණු හා ක්‍රමවේදයන්, ප්‍රායෝගික කියාකාරකම් ද සහිතව සාකච්ඡා කරනු ලබයි. බොහොමයක් ගොවීන් ශාක කප්පාදුව කෙරෙහි අඩු අවධානයක් යොමු කිරීමෙන් ඉලක්කගත අස්වැන්න ලගා කරගත නොහැකි වන අතර, මෙමගින් ගොවීන්ට ඒ හා සම්බන්ධව ඉතා හොඳ දැනුමක් ලබා දෙන හෙයින්, ගොවීන්ට තමා සතුව ඇති විවිධ පලතුරු ශාක නිසි ක්‍රමවේදයට පුහුණු කිරීමෙන් හා කප්පාදු කිරීමෙන් නිරෝගී ශාක වගාවක් මෙන්ම ඉතා ඉහළ අස්වැන්නක් ලබාගත හැක. එමෙන්ම, බොහෝ දෙනෙකුට ඇති ශ්‍රම ඌනතාවයට පිළියමක් ලෙස අවශ්‍යතා ඇති අයට නිවසටම ගොස් මෙම ක්‍රියාවලිය සිදු කිරීම ව්‍යාපාරික මට්ටමින් ද ආරම්භ කළ හැකි වීම මෙහි විශේෂත්වයකි. මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

රෝස වගාව

රෝසමලේ අතීතය ක්‍රි.පූ. කාලය දක්වා විහිදී යයි. යම් යම් අවස්ථාවන් හි පුරාවිද්‍යාත්මක කැනීමිවලදී රෝසමල්වල පොසිල හමුවී ඇත. පොසිල හමුවූ රටවල් ලෙස එක්සත් රාජධානිය , ප්‍රංශය, ජර්මනිය ,ජපානය,හා ග්‍රීසිය ද අයත් වේ. ග්‍රීක හා රෝම අධිරාජ්‍ය වලදී රාජ්‍ය උත්සව වලදී රෝසමල් යොදාගෙන ඇත. ඊජිප්තු මමී සැරසීම සදහා ආදිකාලිනරෝම වැසියන් රෝසමල් යොදාගෙන ඇති බව පිරමඩවලින් සනාථ වී ඇත. යුරෝපයේ රාජ්‍ය උත්සවවලදී රෝසමල් සැරසීම සදහා යොදාගැනේ. චීනය, ජපානය හා රුසියාව රෝසමල් ඖෂධයක් ලෙසට ද යොදා ගැනේ. රෝසමල් අයත් වන්නේ රොසියේසීස් කුලයටයි. රෝසමල් විවිධ වර්ණයෙන්, විවිධ සුවදින්, විවිධ හැඩයෙන් හා ප්‍රමාණයෙන්ද වෙනස්ය. මුල්කාලීන රෝසමල් ස්වභාවික වනාන්තරවල තිබී පසුකාලීනව මිනිසා ශිෂ්ටාචාරත්වයට පත්වීම සමග රෝසමල් ද මිනිසා සමග කලඑළියට බැස ඇත.මේ නිසා අදත් රෝස හැදින්වෙන්නේ කැලෑ රෝස නමිනි.පසු කාලීනව මිනිසා විසින් රෝස වර්ගයන් නිර්මාණය කලේය. කැලෑ රෝස මල් පෙති පහකින් යුක්තය.පසුව සිදුකල දෙමුහුන් කිරීම මගින් බිහිකල රෝස වර්ගවල පෙති පනහක් හැටක් අතර ප්‍රමාණයක් පවතී. රෝසමල් ගස් හා වැල් වශයෙන් ද දැකිය හැක.රෝසමල් වර්ග මුලික ලෙස 3000 ක් පමණ ඇතැයි වාර්තා වී ඇත. එහිදී යම් යම් ප්‍රභේද මගින් රෝස වර්ගීකරණයට ලක්කොට ඇත. අද ඕනෑම රටක දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් රෝස මල් සඳහා විශාල ඉල්ලූමක් පවතින අතර, වර්තමානයේ රෝස මල් වගාව සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව ඇත. ලංකාව තුළ රෝස මල් (කැපූ මල්) සඳහා මෙන්ම රෝස පැළ සඳහා ද හොඳ වෙළෙඳපොළක් තිබේ. එහෙත් මේ ගැන වඩාත් හොඳින් විමසා බලන විට දැකිය හැකි වන්නේ මෙම ව්‍යාපාරික අවස්ථාව/ වෙළෙඳපොළ අවස්ථාව නිසියාකාරයෙන් භාවිත කිරීමට අපේ රෝස වගාකරුවන් උන්නදු නොවන බවය. ඊට ප‍්‍රධාන හේතුව වී තිබෙන්නේ ලංකාවේ බොහොමයක් වගාකරුවෝ රෝස වගාව සම්බන්ධයෙන් මනා පුහුණුවක්, දැනුමක් හා අවබෝධයක් නොමැති වීමය. ඒ අනුම මෙම පාඨමලව තුළින් රෝග වගාව සම්බන්ධ දැනුම ලබා ගත හැකය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

පටක රෝපණ තාක්ෂණය

පටක රෝපණ තාක්ෂණය වර්තමානයේ කෘෂිකර්මාන්තය තුළ භාවිතා වන ඉතා වැදගත් ක්ෂුද්‍ර රෝපණ ක්‍රමවේදයක් ලෙස හැඳින්විය හැක. මෙය, විශේෂිත තත්ත්ව යටතේ ශාක කොටසකින් නව ශාක පරම්පරාවක් බිහි කර ගත හැකි තාක්ෂණයකි. නාගරීකරණය හා ජනගහනය වැඩිවීමත් සමග ඒ හා සමානුපාතිකව ආහාර අවශ්‍යතාද සම්පූර්ණ කළ යුතු බැවින්, ඉල්ලුමට අනුව සාමාන්‍ය ක්‍රමවේද භාවිත කරමින් අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය ප්‍රායෝගික නොවූ අතර, පටක රෝපණ තාක්ෂණය මගින් එම අඩු පාඩුව මඟහරවා ගත හැකි විය. පටක රෝපණය මිල අධික තාක්ෂණයක් ලෙස මුල් කාලයේදී හැඳින්වුවද, අද වන විට එය විවිධ සරල හා පහසු උපක්ක්‍රම භාවිතා වන අඩු පිරිවැය ගෘහස්ථ කර්මාන්තයක් බවට පත්ව ඇත. මෙම තාක්ෂණය භාවිතයෙහි ප්‍රතිළුල පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැතිවීම, ප්‍රාග්ධනය පිළිබඳ ගැටලු හා නිවැරදි තාක්ෂණය භාවිතා නොකිරීම නිසා ශ්‍රී ලංකාව තුළ පටක රෝපණ තාක්ෂණය ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව ව්‍යාප්ත වී ඇත්තේ සුළු වශයෙනි. අඹේපුස්ස සහ හොරණ කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හිදී පවත්වනු ලබන දින 05 හි පටක රෝපණ තාක්ෂණය පුහුණු පාඨමාලාව මගින් නිවැරදි තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් පටක රෝපණය සිදු කරන නිවැරදි ක්‍රමවේදය න්‍යයාත්මකව හා ප්‍රායෝගිකව ද සාකච්ඡා කරනු ලබයි. වර්තමානයේ පලතුරු බෝග වලට පමණක් නොව විසිතුරු මල් නිෂ්පාදනයේදී ද, පටක රෝපණ තාක්ෂණය යොදා ගැනීම ක්‍රමයෙන් ඉහළ යන ප්‍රවනතාවයක් ඇත. එබැවින් බොහෝ දෙනා තුළ පටක රෝපණ තාක්ෂණය පිළිබඳව ඇති මිත්‍යාවන් බැහැර කර නිවැරදි තාක්ෂණය පිළිබඳ ක්‍රමානුකූල දැනුමක් ලබා දීමෙන්, මහා පරිමාණයෙන් හෝ කුඩා පරිමාණයෙන් ගෘහස්ථ මට්ටමින් හැකියාව ඇති පරිදි මේ සඳහා යොමු විය හැකිය. ආරම්භයේදී මූලික වියදම ඉහළ වුවද, පසුකාලීනව ඉහළ ආදායමකට යා හැකි හොඳ වෙළඳපලක් සහිත ක්ෂේත්‍රයකි, පටක රෝපණ තාක්ෂණය. මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

නිර්මාණශීලී ගෙවතු වගාව - I

මිනිසාගේ දෛනික ආහාර අවශ්‍යතා සඳහා එළවළු, පලතුරු වැනි බෝග වගා කිරීම මෙන්ම ගෘහ අලංකරණය සඳාහා විවිධ මල් වර්ග හා විසිතුරු ශාක වර්ගද, ඖෂධීය පැළෑටි ද, නිවස අවට භූමියේ, ගෙවත්තට ද අලංකාරයක් එකතු කරමින් සැලැස්මකට අනුව ක්‍රමානුකූලව වගා කිරීම නිර්මාණශීලී ගෙවතු වගාව ලෙස හැඳින්විය හැක. රසායන දව්‍ය භාවිතයෙන් තොරව පරිසර හිතකාමී ලෙස, තම පවුලට එදිනෙදා අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර වර්ග වියදමකින් තොරව තමාගේම ගෙවත්තෙන් ලබා ගත හැකි වීම මෙයින් ලැබෙන අනර්ඝතම ඵලය වන අතර, අතුරු ප්‍රතිඵල ලෙස මානසික සුවය, නිරෝගී බව, අමතර ආදායමක් ලබා ගත හැකි වීම යනාදිය හැඳින්විය හැක.අතීතයේ මෙන්ම වර්තමානයේ ද, සමාජය තුළ පන්ති තරාතිරම්වල භේදයකින් තොරව සෑම දෙනාම වාගේ ගෙවතු වගාවට ඉමහත් රුචිකත්වයක් දක්වයි. දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හිදී පවත්වනු ලබන දින 01හි නිර්මාණශීලී ගෙවතු වගා පුහුණු පාඨමාලාව මගින් ගෙවත්තක් සැලසුම් කිරීමේ සිට, භූ විෂමතාවය අනුව සුදුසු ස්ථානයන්ට ගැලපෙන බෝග වර්ග තෝරා ගැනීම, බීජ තවාන් දැමීම, විවිධ වූ නිර්මාණශීලී වගා ක්‍රම අනුගමනය කිරීම, ඉඩකඩ කාර්යක්ෂමව පරිහරණය, නව තාක්ෂණික ක්‍රමවේදයන් ගෘහස්ත මට්ටමින් යොදාගත හැකි ආකාර, යනාදී සාර්ථක ගෙවතු වගාවක් සඳහා වැදගත් වන කරුණු රාශියක් පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිතව සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ඇත. එමගින් ඕනෑම අයෙකුට තමාට ඇති ඉඩකඩ ප්‍රමාණයට උචිත වන පරිදි සාර්ථක ගෙවත්තක් නිර්මාණශීලීව සැලසුම් කරගත හැකි අතර, භූමිය පමණක් නොව අවකාශයද ජයගනිමින්, සකසුරුවම් ලෙස ඉඩකඩ පරිහරණය කරමින් පෝෂදායි ගුණාත්මයෙන් යුතු ආහාර තමන්ටම නිෂ්පාදනය කරගත හැකි වේ. මෙම පාඨමලාව සාර්තකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

වාණිජ බිම් මල් වගාව

බිම්මල් යනු බොහොමයක් දෙනා ප්‍රියකරන පෝෂණය ගුණයෙන් ඉතා ඉහළ ආහාරයකි. ශාක වර්ගීකරණයට අනුව බිම්මල් අයත් වන්නේ මෘතෝපජීවී ජීවී කාණ්ඩයක් වන දිලීර යටතට වේ. බිම්මල් වගාව, දිගු කාලයක සිට අප රටේ ස්වයං රැකියාවක් ලෙස ඉතා ජනප්‍රිය වගාවකි. ඉතා අඩු වියදමකින් හා ශ්‍රමයකින් වැඩි ආදායමක් ලබාගත හැකි වීමත්, අඩු ඉඩ ප්‍රමාණයක් යටතේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි වීමත්, ඉහළ පෝෂණ ගුණයෙන් මෙන්ම ඖෂධීය ගුණයෙන් ද සපිරි බිම්මල් මාංශජනක ආහාර සඳහා ඉතා හොඳ ආදේශකයක් ලෙසත් ජනප්‍රිය වීම නිසා බිම් මල් වගාව තරාතිරමක් නොමැතිව සියලුම දෙනා අතර ජනප්‍රිය වීමට හේතු සාධක ලෙස දැක්විය හැකිය. දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හි පවත්වනු ලබන දින 02 හි වාණිජ බිම්මල් වගාව පුහුණු පාඨමාලාව මගින්, වාණිජ වශයෙන් කර්මාන්තයක් ලෙස බිම්මල් වගාව සිදු කරන ආකාරය පිළිබඳව න්‍යායාත්මකව හා වගා මළු නිෂ්පාදනය, බිම්මල් බීජ නිෂ්පාදනය ඇතුළු තාක්ෂණික කරුණු පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබේ. අද වන විට ලංකාවේ ස්වයං රැකියාවක් ලෙස මෙන්ම කර්මාන්තයක් ලෙස ද, අමතර ආදායමක් උපයාගත හැකි පහසු මාර්ගයක් ලෙසද, බිම්මල් වගා කිරීම සාර්ථක ව්‍යාපාරයක් බවට බොහෝ දෙනාගේ පිළිගැනීමට ලක් වී ඇත. තවද, මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

විසිතුරු මල් හා පත්‍රික ශාක වගාව - II

ලංකාව තුල වගා කළ හැකි මල් පිපෙන ශාක හා විසිතුරු පත්‍රික ශාක විශාල සංඛ්‍යාවක් පවතී.ඒ අතරින් ආර්ථිකමය වශයෙන් ලාභදායී වර්ග පිළිබද මෙම පුහුණුව තුලින් එම ශාක වගාව ප්‍රචාරණය,රෝග හා පළිබෝධ පිළිබදව දැනුමක් පුහුණුලාභීන්ට ලබා ගත හැක.ප්‍රායෝගික කටයුතු මගින් එම දැනුම තවදුරටත් වැඩි දියුණු කිරීම සිදු කරයි. මල් පිපෙන කුඩා පඳුරු ශාක වලට මෙන්ම පත්‍ර අලංකාරවත්ව ඇති විසිතුරු පත්‍රික ශාක සඳහාද දේශිය වෙළඳපල මෙන්ම විදේශිය වෙළඳපල තුලද ඉහළ ඉල්ලුමක් පවතී.මෙම ඉල්ලුම මත සාර්ථක තවානක් පිහිටුවා විසිතුරු පත්‍රික ශාක වගාව තුලින් සාර්ථක ව්‍යාපාරිකයෙක් බිහි කල හැක.පුහුණුලාභියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, අමතර කාලය ඵලදායී ලෙස යොදා ගැනීම, ගෙවත්ත අලංකාර කර ගැනීම සහ උද්‍යාන අලංකරණය සඳහා අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය සැපයීම මෙමඟින් ලැබෙන ප්‍රතිලාභ වේ. මෙමඟින් වාර්ෂික, බහුවාර්ෂික ශාක වගා කල හැකි අතර ප්‍රචාරණ ක්‍රම භාවිතය මඟින් පහසුවෙන් පැල නිෂ්පාදනය කර ගත හැක.එම කුඩා පැල රු.50 ක් වැනි මිලක සිට රු.1000 ක් වැනි ඉහළ මිලක් දක්වා අලෙවි කිරීමේ හැකියාවද පවතී. එසේම විශාල ශාක Root ball කිරීම මඟින් රු.10,000.00 - රු.15,000.00 වැනි ඉහළ මුදලකට අලෙවි කිරීමේ හැකියාව ඇත.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

උද්‍යාන භුමි අලංකරණය -I

භූමි ප්‍රදේශයක දෘෂ්‍යමාන ලක්ෂණ, ක්‍රමානුකූලව සුදුසු පරිදි හැසිරවීම මගින් එයට සුදුසු ශාක වර්ග යොදා ගනිමින් හා භූමියට උචිත වන පරිදි විවිධාකාර වූ නිර්මාණාත්මක ව්‍යුහයන් තැනීම මගින්ද, තෝරා ගත් භූමිය ආකර්ෂණීය තත්ත්වයකට පරිවර්තනය කිරීම උද්‍යායන භූමි අලංකරණය යටතේ සිදු කරනු ලබයි.මෙහිදී, ශිල්පියාගේ මනසෙහි ඇඳෙන නිර්මාණාත්මක සිතුවිලි විද්‍යානුකූලව හා තාක්ෂණිකව සුදුසු ආකාරයට යොදා ගැනීමට නම්, උද්‍යායන සිතියම් නිර්මාණකරණය, වර්ණ ගැලපීම්, සුදුසු ශාක තෝරාගැනීම පිළිබඳ ආදී වූ පුළුල් වපසරියක විහිදුණු තාක්ෂණික කරුණු පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම වැදගත් වේ. දිස්ත්‍රික් කෘෂීකර්ම පුහුණු මධ්‍යස්ථානවල පවත්වනු ලබන දින 02 හි උද්‍යාන භූමි අලංකරණය පුහුණුව මගින්, උද්‍යාන භූමි අලංකරණයට අවශ්‍ය වන න්‍යායාත්මක දැනුම අංග අංගසම්පූර්ණව ලබා දෙනු ලැබේ. වර්තමානයේ දී උද්‍යාන භූමි අලංකරණය විෂය ක්ෂේත්‍රය බොහෝ දෙනා අතර ජනප්‍රිය විෂය ක්ෂේත්‍රයක් වන අතර, එබැවින් මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටින අය හට ඉතා හොඳ ඉල්ලුමක් පවතී. නිවැරදි තාක්ෂණික දැනුම, විද්‍යායානුකූල ක්‍රමවේදයන් හා නිර්මාණාත්මක සිතුවිලි උපයෝගී කරගනිමින් උද්‍යායනභූමි අලංකරණය ව්‍යාපාරික මට්ටමින් සිදුකළ හැකි වීම වර්තමානයේ ඉතා හොඳ ආදායම් මාර්ගයක් කර ගත හැකි කෂේත්‍රයකිග එමෙන්ම, උද්‍යාන භූමි අලංකරණ කෂේත්‍රය ආශිත වූ විකල්ප ආදායම් මාර්ග රාශියක් නිර්මාණය වී තිබීම ද, මෙම ක්ෂේත්රයේ නියැලි බොහෝ දෙනාට මෙන්ම නවකයින්ට ද වාසිදායක තත්ත්වයකි. සාමාන්‍යයන් රු 10,000 සිට රු 500,000.00 දක්වා පමණ ආදයමක් උපයා ගැනීමට ඉඩප්‍රස්ථා ඇත. පාඨමලාව සම්පූර්ණ කරන සියළුම පුහුණු ලාභීන් උදෙසා වටිනා සහතික පත්‍රයක් සහ පුහුණුවෙන් පසු අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

වාණිජ ඕකිඩ් වගාව

සිංහල බසින් උඩවැඩියා යනුවෙන් හදුන්වන ඕකිඩ් ඔකිඩේසියේ කුලයට අයත් වේ. ඕකිඩ් පවුලේ ගණ 880 ක් පවතින අතර ඒ යටතේ විශේෂ 29,000 කට අධිකව පවතී. නට හඳුනාගෙන ඇති විශාලතම සපුෂ්ප ශාක පවුලක් වන ඕකිඩ් පවුල වර්තමාන කුරුලු විශේෂ මෙන් දෙගුණයක්,සහ පෘථිවිය මත ක්ෂීරපායී විශේෂ මෙන් සිවු ගුණයක් විශාල බව හඳුනාගෙන ඇත. උඩවැඩියා පවුලේ මල් බොහෝ විට වර්ණවත්ය. සමහරක් සුවඳින් ද යුක්තය. ඕකිඩ් යනු වර්ෂා වනාන්තරවල ස්වාභාවිකව වැවෙන ශාකයක් වන අතර විවිධ දේශගුණික තත්ව යටතේ සාමාන්‍ය ගෙමිදුලකත් විශේෂ හරිතාගාර ආවරණයන් තුළත්, වගාකල හැක.ඕකිඩ් උණුසුම් නිවර්තන වනාන්තර කළාප ,උතුරු ඇමරිකාවේ සීතල දේශගුණික කළාප, ඇන්ටාක්ටික් මහද්වීපය හැරුණු කොට සියලූම මහද්වීප තුල දක්නට ලැබේ. ඕකිඩ් වර්ග බහුතරයක් නිවර්තන කලාපීය රටවල හා මධ්යම හා දකුණු ඇමෙරිකාව, මෙක්සිකෝව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය, දකුණු චීනය, තායිලන්තය, මැලේසියාව, පිලිපීනය, නව ගිනියාව හා ඕස්ට්රේලියාවේ උණුසුම් තෙත් වනාන්තර තුළ ස්වාභාවිකව වැවේ. සමහර උඩවැඩියා විශේෂ පමණක් ලෝකයේ ඇතැම් කලාප වල හැර වෙන කොහේවත් නැත, උදාහරණයක් ලෙස,වැන්ඩා කුලය අග්නිදිග ආසියාවේ වනාන්තර වල පමණක් දක්නට ලැබේ. බ්රසීලයේ කැට්ලියාස් cattleyas, මෙක්සිකානු ලීලියාස් laelias සහ ඉන්දීය ඩෙන්ඩෙ‍්‍රාබියම් dendrobiums, සිම්බීඩියම් cymbidiums හා වැන්ඩාස් vandas ලෝකයේ නවීන උඩවැඩියා කර්මාන්තයේ මුල් තැන උසුලයි.ඔකිඩේසියේ කුලයට අයත් පැලෑටි ඒක බීජ පත්‍රී බහුවාර්ෂික ශාක විශේෂයකි. මේ හැරුණු විට මාංසල පත්‍රද, කඳ ඝණ වූ පර්වවලින් යුතු ව්‍යාජ බල්බවලින් යුතුවීමද ඔකිඩේසියේ කුලයට අයත් ශාකවල විශේෂත්වයකි. ඉතාම කුඩා ප්‍රමාණයේ මිනි ඕකීඩ් වල සිට අඟල් 20 – 30 පමණ දක්‌වා විශාලව දිගට පිපෙන ඕකීඩ් මල්, කැපූ මල් කර්මාන්තයේදී සුවිශේෂ තැනක්‌ හිමිකරගෙන ඇත්තේ එහි ඇති සුවිශේෂ අලංකාර හැඩය හා වර්ණය මෙන්ම දිගුකලක්‌ ජීව ගුණයෙන් ද නොමැළවී තබා ගැනීමට හැකි වීමත් නිසාය.උඩවැඩියා විවිධ සත්ත්ව රූප හැඩ වලින් යුතුය. පරෙවි මල් , තාරා මල් , කරාබු මල් , යක්මල් , ශ්‍රී ලංකාව තුල තිබෙන නිදර්ශනයන්ය. අප රටේ ඕකීඩ් මල් විශේෂ 169 ක් හමු වන අතර ඉන් 73 ක් ම අප රටටම ආවේණික ය. ගුරුළුරාජ (Fox Tail Orchid) හා වෙසක් මල් දේශීය සුදු හා දම් පාටින් යුක්ත වේ. මෙය වන සත්ත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ උඩවැඩියා අතර වෙති. මේවා ආරක්ෂිත පැළෑටි විශේෂයන් ලෙස ද නම් කර ඇත. බස්නාහිර පළාත තුළ මල් වගාව පිළිබද විශේෂ ඉල්ලුමක් පවතින අතර, ඔකිඩ් වගාව වටිනාකමින් වැඩි ඉහළ ඉල්ලුමක් සහිත වගාවක් වශයෙන් මල් වගා කරුවන් අතරේ ඉතාමත්ම ජනප්‍රිය වී ඇත. කැපුම් මල් හා බදුන්ගත කරන ලද මල් මෙන්ම අගය වැඩි කල නිර්මාණ සඳහා ද ඔකිඩ් යොදා ගනී. ස්වයං රැකියාවක් ලෙස ඕකීඩ් මල් වගාව සිදු කළ හැකි අතර, බඳුන් පැලයක් රු 450.00 ත් රු 3,500.00 වැනි මිලකට අලෙවි කළ හැකි අතර, කැපුම් මලක් රු 10.00 ත් රු 200.00 වැනි ඉහළ මිලකට අළෙවි කර ගැනීමට හැකියාවක් පවතී. වසර 1 ½ ක පමණ කාලයක් තුළ මල් හට ගැනීම අරම්භවන අතර, ඕකීඩි ඉතා අලංකාර පුෂ්ප මන්ජිරියකින් සමන්විත වේ. ඒ අනුව මෙම පාඨමලාව සම්පූර්ණ කරන ඔබ සැමට හොද දැනුමක් ලබා ගත හැකි අතර ව්‍යාපාරයක් වශයෙන් අමතර අදායමක් උපයාගත හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

වාණිජ පලතුරු බෝග වගාව

වාණිජ පලතුරු උයන්වල ප්‍රධාන අරමුණ දිගු කාලයක් පුරා පරිසරයේ සමතුලිත බව රැකගනිමින් වැඩි ලාභයක් උපයා ගැනීම සඳහා උසස් ගුණාත්මයෙන් යුතු පලතුරු අස්වැන්නක් නිපදවීම වේ. වාණිජ පලතුරු උයන් වතු සංවර්ධනය සාමාන්‍ය පලතුරු උයන් වතු සංවර්ධනයට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රියාදාමයකි. වාණිජ පලතුරු උයන් වතු සඳහා විශේෂ උද්‍යාන විද්යාත්මක මූලධර්ම හා ආර්ථික අපේක්ෂාවන් මුසු තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරයි. දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හිදී පවත්වනු ලබන වාණිජ පලතුරු බෝග වගාව පුහුණු පාඨමාලාව මගින්, පලතුරු උයන් වතුවලින් උපරිම ඵලදාවක් ලබාගැනීම, එම ඵලදායීතාව තිරසාරව, දිගු කාලයක් පවත්වාගෙන යාම, නඩත්තු කටයුතු සිදු කරන තාක්ෂණික ක්‍රමවේදයන් පසු අස්වනු තාක්ෂණය මෙන්ම, බස්නාහිර පළාතේ වැඩිම විභවයක් සහිත පලතුරු බෝග පිළිබඳවද, අතුරු බෝග ලෙස පලතුරු උයන්වතු පවත්වාගෙන යාම ආදී තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබේ. මෙමගින් මහාපරිමාණ පලතුරු වගා කරුවන්ට මෙන්ම කුඩා පරිමාණ වගා කරුවන්ට ද, නිසි තාක්ෂණික ක්රමවේද භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට අවශ්ය දැනුම හා ක්‍රමමෝපායන් ලබාගත හැකි අතරම, අතුරු බෝග ලෙස වගා කිරීමෙන් තම ආදායම ඉහළ නංවාගත හැකි වීම මෙම පුහුණුවෙන් ලැබෙන ප්‍රධාන වාසි වේ. තවද, මෙම පාඨමලාව සාර්ථකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

වාණිජ ඇන්තූරියම් වගාව

හබරල කුලයට අයත් ගෘහාශ්‍රිතව වගා කරනු ලබන අලංකාර ශාක වර්ගයක් ලෙස ඇන්තුරියම් හැදින්විය හැකිය. මෙය සෙවණ මෙන්ම තෙතමනය ප්‍රිය කරන බහු වාර්ෂික පැළෑටියකි.වර්ණවත් මලක් හට ගන්නා මෙම ශාකය,විශාල වශයෙන් වගා කිරීමෙන් ස්වයං රැකියාවක් බවට පත් කර ගත හැක. අපනයනය සඳහා ශ්‍රී ලංකාවේ වගා කරන්නා වූ කැපුම් මල් අතරින් ඇන්තූරියම් වගාවට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.මෙමඟින් ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා සැලකිය යුතු විදේශ විනිමයක් උපයා ගැනීමට හැකි වේ.අඩු ප්‍රාග්ධනයකින් මෙන්ම අඩු ශිල්පීය දැනුමකින් ඇන්තූරියම් වගා කළ හැකි අතර ඇන්තූරියම් මලක් හොද තත්වයෙන් මාසයක් පමණ කාලයක් තබා ගත හැකි වීමද ඉතා වැදගත්ය.ඇන්තූරියම් සුදු,රතු, රෝස,තැඹිලි,කොළ පැහැයෙන් යුත් කොත්මලේ ක්ලෝනය,පේරාදෙනි ක්ලෝනය,කොකාකෝලා,ගෝතමාලා,රෙඩ්හොට් බයිකලර්,බබල්ගම්,ලේඩිජේන් යන වර්ග ප්‍රමුඛස්ථානයක් ගනී.ඇන්තූරියම් අලෙවියේදීයුරෝපා රටවල් තද රතු,තද තැඹිලි වර්ගවලට ප්‍රිය යි.එමෙන්ම ජපානයේ සුදු,ලා රෝස,ලා තැඹිලි,පබළු රෝස වැනි පාටවලින් යුත් ඇන්තූරියම්වලට ඉල්ලුම වැඩිය.ශ්‍රී ලංකාවෙන් ජපානය,ඕලන්දය,මාලදිවයින වැනි රටවලට ඇන්තූරියම් අපනයනය කෙරේ. ඇන්තූරියම් වගාව තුළින් ප්‍රධාන වශයෙන් කැපූ මල්, කුඩා පැල, බඳුන්ගත මල් හා ශාක ලෙස අලෙවි කළ හැකිය. කැපූ මලක් දේශීය වෙළඳ පොලේ රු 10ත් 20 ත් වන අතර, විදේශීය වෙළඳ පලේ එය රු 20 ත් 50 ත් අතර මුදලකට අළෙවි කළ හැකිය. ඇන්තූරියම් පැලයක් රු 150.00 ත් රු750.00 අතර වර්ගය අනුව අදායමක් උපයාගත හැකිය. සමස්තයක් වශයෙන් පැල 500 ක වගාවකින් මසකට රු 15000.00 කට වඩා වැඩි මුදලක් පුහුණු ලාභීන්ට ලබා ගත හැකිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

බොන්සායි කලාව

බොන්සායි කලාව යනු සජීවී කලාවකි. චීනයේ "පුන්සායි" නමින් උපත ලද මෙය, 12 වන සියවසේ සිට ජපානය තමන්ගේ සාම්ප්‍රදායික කලාවන් අතරට "බොන්සායි" නමින් එකතු කරගන්නා ලදී. 1970-75 කාලසීමාවේදී ලංකාවට බොන්සායි කලාව හඳුන්වා දෙන ලදී. බොන්සායි යනු, පැතලි බඳුනක සිට වූ ශාකයකි. ශාකයක් පැතලි බඳුනක සිට වූ පමණින්ම බොන්සායි ශාකයක් නොවන අතර, එය ඉවසීම, හැකියාව, කලාත්මක හා නිර්මාණාත්මක බව කැටිකරගත් ස්වාභාවික ශාකයක ආදර්ශනයකි. දැඩි සේ පිළිපැදිය යුතු නීතීන් මෙහි නොමැති අතර, විවිධ පරිසර පද්ධතිවල ඇති ශාකයන්ගේ ස්වභාවයන් ඉස්මතු කර ගැනීම සඳහා අවශ්‍ය රීතීන් සමූහයක් පමණක් ඇත. බොන්සායි ශාකයක් නිර්මාණය කිරීම දැඩි ආශාවෙන් යන ගමනාන්තයක් නොමැති චාරිකාවක් වැනිය.

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර
Card image cap

විසිතුරු මල් හා පත්‍රික ශාක වගාව - I

මෙම පාඨමලාව තුළින් ඔබට විසිතුරු මල් හා පත්‍රික ශාක නිෂ්පාදනයේ වැදගත්කම, ප්‍රභේද හදුනා ගැනිමට ප්‍රායෝගික ආදර්ශන ඉදිරිපත් කිරිම, නව තාක්ෂණයට අනුව විසිතුරු මල් හා ශාක නිෂ්පාදන ක්‍රමවේද හදුන්වා දිම, රෝග පලිබෝධ හදුන්වා දිම පිළිබඳ සම්පූර්ණ පුහුණුවක් ලබා ගත හැකිය

Free/නොමිලේ/இலவசம்

වැඩි විස්තර