
උද්‍යාන භුමි අලංකරණය -I
භූමි ප්‍රදේශයක දෘෂ්‍යමාන ලක්ෂණ, ක්‍රමානුකූලව සුදුසු පරිදි හැසිරවීම මගින් එයට සුදුසු ශාක වර්ග යොදා ගනිමින් හා භූමියට උචිත වන පරිදි විවිධාකාර වූ නිර්මාණාත්මක ව්‍යුහයන් තැනීම මගින්ද, තෝරා ගත් භූමිය ආකර්ෂණීය තත්ත්වයකට පරිවර්තනය කිරීම උද්‍යායන භූමි අලංකරණය යටතේ සිදු කරනු ලබයි.මෙහිදී, ශිල්පියාගේ මනසෙහි ඇඳෙන නිර්මාණාත්මක සිතුවිලි විද්‍යානුකූලව හා තාක්ෂණිකව සුදුසු ආකාරයට යොදා ගැනීමට නම්, උද්‍යායන සිතියම් නිර්මාණකරණය, වර්ණ ගැලපීම්, සුදුසු ශාක තෝරාගැනීම පිළිබඳ ආදී වූ පුළුල් වපසරියක විහිදුණු තාක්ෂණික කරුණු පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම වැදගත් වේ. දිස්ත්‍රික් කෘෂීකර්ම පුහුණු මධ්‍යස්ථානවල පවත්වනු ලබන දින 02 හි උද්‍යාන භූමි අලංකරණය පුහුණුව මගින්, උද්‍යාන භූමි අලංකරණයට අවශ්‍ය වන න්‍යායාත්මක දැනුම අංග අංගසම්පූර්ණව ලබා දෙනු ලැබේ. වර්තමානයේ දී උද්‍යාන භූමි අලංකරණය විෂය ක්ෂේත්‍රය බොහෝ දෙනා අතර ජනප්‍රිය විෂය ක්ෂේත්‍රයක් වන අතර, එබැවින් මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටින අය හට ඉතා හොඳ ඉල්ලුමක් පවතී. නිවැරදි තාක්ෂණික දැනුම, විද්‍යායානුකූල ක්‍රමවේදයන් හා නිර්මාණාත්මක සිතුවිලි උපයෝගී කරගනිමින් උද්‍යායනභූමි අලංකරණය ව්‍යාපාරික මට්ටමින් සිදුකළ හැකි වීම වර්තමානයේ ඉතා හොඳ ආදායම් මාර්ගයක් කර ගත හැකි කෂේත්‍රයකිග එමෙන්ම, උද්‍යාන භූමි අලංකරණ කෂේත්‍රය ආශිත වූ විකල්ප ආදායම් මාර්ග රාශියක් නිර්මාණය වී තිබීම ද, මෙම ක්ෂේත්රයේ නියැලි බොහෝ දෙනාට මෙන්ම නවකයින්ට ද වාසිදායක තත්ත්වයකි. සාමාන්‍යයන් රු 10,000 සිට රු 500,000.00 දක්වා පමණ ආදයමක් උපයා ගැනීමට ඉඩප්‍රස්ථා ඇත. පාඨමලාව සම්පූර්ණ කරන සියළුම පුහුණු ලාභීන් උදෙසා වටිනා සහතික පත්‍රයක් සහ පුහුණුවෙන් පසු අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය.
පාඨමාලාව ආරම්භක දින සහ ස්ථාන තෝරන්න

-
පාඨමලාව :-
උද්‍යාන භුමි අලංකරණය -I
(Free) - විෂය :- භූමි අලංකරණ පුහුණු පාඨමලාව
- කාල සීමාව :- 2 Days
- ආරම්භක දිනය:- Course Starting Date
- ආයතනය :-
- දේශකවරුන් :- Lecturer Name Here
