භූමි දර්ශ (Landscape) සංවර්ධන සාහායක NVQ 3
යුධ හමුදා සේවයෙන් විශ්‍රාම යන්නට ආසන්ව සේවයේ යෙදී සිටින හා තම වෘත්තීය හා පෞද්ගලික කටයුතු වලදී මෙම ක්ෂේත්‍රයේ වැදගත්වන යුධ හමුදා සමාජිකයින් ඉලක්ක කර ගනිමින් මෙම පාඨමපාව පවත්වනු ලබයි. යුධ හමුදා සේවයෙන් විශ්‍රාම යාමෙන් පසු අභිමානවත් විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු වශයෙන් සමාජයට වැඩදායී, යහපත් විශ්‍රාමික දිවියක් ගත කිරීම සඳහා වෘත්තීය මට්ටමේ උද්‍යාන අලංකරණ ශිල්පියකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ කෘෂිකාර්මික දැනුම ද අන්තර්ගත වූ වෘත්තීය පුහුණුවක් ලබා ගත හැකිය. තවද, පුහුණු කාලසීමව මාස 06 ක් වන අතර, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් (NAITA) තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් අනුමත කරන ලද, දේශීය සහ විදේශිය වශයෙන් පිළිගත් NVQ3 මට්ටමේ වටිනා සහතිකයක් පිරනමන අතර, බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වටිනා සහතික පත්‍රයක් මෙම පාඨමාලාව සම්පූර්ණයෙන් ම අවසන් කරන පුහුණුලාභීන් වෙත පිරිනැමේ. තවද, මෘදූ උද්‍යාන අලංකරනය, සැකසීම හා නඩත්තු කිරීම, දෘඩ උද්‍යාන අලංකරනය, සැකසීම හා නඩත්තු කිරීම, බිම් සැකසීම, ජලවහනය හා වාරි ක්‍රම භාවිතා කිරීම, සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීම, උපකරණ නඩත්තුව, ප්‍රතිවක්‍රීය ක්‍රියාවලියක් පවත්වාගෙන යාම, ඉහළ කලමණාකරණය සමග සම්බන්ධතා පවත්වාගෙන යාම , තවාන් පාලනය, සැලසුම් අවබෝධ කර ගැනීම යන විෂයන් අන්තර්ගත කර ඇත.
Card image cap
අඹේපුස්ස

1938 වර්ෂයේදී, සත්ව පාලන ගොවිපලක් ලෙස ආරම්භ කරනු ලැබූ මෙම ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ මඟ පෙන්වීම යටතේ, 1944දී, ප්‍රායෝගික ගොවිකම් පාසලක් ලෙස වැඩි දියුණු කරන ලදී. 1964 වර්ෂයේදී, පහතරට එළවළු බීජ නිෂ්පාදන ගොවිපලක් ලෙක අක්කර 200ක භූමියක් මේ යටතට අයත් විය. 1985දී, පලාත් සභා ක්‍රමය ආරම්භ කිරීමත් සමඟ, අක්කර 33ක භූමි ප්‍රමාණයක් සමඟින් බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින් නව මාවතකට පිවිසෙන ලදී. බස්නාහිර, සබරගමු හා වයඹ පලාත් 3ට මායිම්ව, මා ඔය මිටියාවතෙහි පිහිටා ඇති අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය, එදා සිට අද වන තෙක් සාර්ථකත්වයෙන් පිරිපුන්, කෘෂිකාර්මික දැනුමින් හසල තෝතැන්නක් ලෙස ඉතා තේජාන්විත ගමනක් යමින් සිටී. විධිමත් පුහුණුවක් තුළින් චිරස්ථායී කෘෂිකාර්මික සංවර්ධනය තම දැක්ම කරගනිමින්, බස්නාහිර පලාත තුළ තිරසාර කෘෂිකාර්මික සංවර්ධනය පාදක කොටගෙන පාසල් හැර ගිය තරුණ තරුණියන්ට, ගොවි ජනතාවට, පාසල් සිසුන්ට, රාජ්‍ය හා රාජ්‍ය නොවන පුද්ගලික අංශවල කෘෂිකාර්මික දැනුම අවැසි නිලධාරීන් හා වෙනත් පුද්ගලයින්ට, කෘෂිකාර්මික දැනුම ලබාදීම සහ ව්‍යවසායකත්ව පුහුණු ලෙස ගුණාත්මක බවින් යුත් විවිධ පුහුණු පාඨමාලා හා පුහුණු ඒකක, නව්‍යතාවයෙන් යුතුව, විධිමත්ව පවත්වාගෙන යමින්, ලාංකේය කෘෂිකර්මාන්තයට තම මෙහෙවර මැනවින් ඉටු කරයි. පටක රෝපණ විද්‍යාගාර පහසුකම්, පාංශු විද්‍යාගාර පහසුකම් ඇතුළුව, ගෙවතු වගාව, මී මැසි පාලනය, මල් වගාව, ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව, ආහාර තාක්ෂණය, උද්‍යාන අලංකරණය.....etc, ඇතුළු විවිධ කෙටි කාලීන කෘෂිකාර්මික පුහුණු පාඨමාලා රැසක්ද, පැල තවාන් ශිල්පී (NVQ 3) පාඨමාලාව, භූමි අලංකරණය (NVQ 3) පාඨමාලාව, කෘෂි යන්ත්‍රෝපකරණ පාඨමාලාව යනාදී, දිගු කාලීන පුහුණු පාඨමාලාද පවත්වනු ලබන අතර කෘෂි සංචාරක නිකේතන පවත්වාගෙන යාම මගින් සංචාරක ව්‍යාපාරයටද ඉමහත් රුකුලක් ලබා දේ

වැඩි විස්තර
Card image cap
වල්පිට

වල්පිට දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය කොට්ඨාසයේ සුන්දර ප්‍රදේශයක පිහිටා ඇත. මෙම වල්පිට දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය අක්කර 28 ක භූමි ප්‍රමානයකින් හෙබි ලස්සන ප්‍රදේශයකි. මෙම පුහුණු මධ්‍යස්ථානය 1936 දී ගොවි හමුදා පාසලක් ලෙස ආරම්භකර ඇති අතර 1948 දී මහමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිදුන් විසින් ගොවිකම් අභ්‍යාස විද්‍යාලය ලෙස නම් කරන ලදී. මධම රජයේ කෘෂීකර්ම දෙපාර්තමේන්තුවට අයත්ව තිබු මෙම මධ්‍යස්ථානය 1989 දී පළාත්සභා පිහිටුවීමත් සමග බස්නාහිර පළාත්සභාවේ පාලනය ගැනුනි. 1995 දී නැවත එක් අවුරුදු කෘෂිකර්ම පුහුණු පාඨමාලාව අරම්භ කල අතර, 2014 දී එම පාඨමාලාව සදහා NVQ 4 වන මට්ටම පිරිනැමුනි. එයට අමතරව අගය එකතු කිරීමේ පාඨමලා සහ වෙනත් ආයතන සඳහා පුහුණු පාඨමලා පැවැත්වීම සහ සංවිධානය කිරිම සිදු කරයි.

වැඩි විස්තර
Card image cap
හෝමාගම

හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. 1983 ඔක්තෝබර් මස පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කර ඇති මෙම ආයතනය අක්කර 24 ක භූමි ප්‍රදේශයක් පුරා පිහිටයි. අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටා ඇති මෙම පුහුණු මධ්‍යස්ථානය මගින් පළාත තුල කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන් සදහා මල් වගාව, ආහාර තාක්ෂණය, උද්‍යාන හා භූමි අලංකරණය, පලතුරු වගාව, මීමැසි පාලනය, නිර්මාණශීලී ගෙවතු වගාව, බිම්මල් වගාව, කාබනික පොහොර නිෂ්පාදනය වැනි කෙටි කාලීන පුහුණු පාඨමාලා රාශියක් පවත්වනු ලබන අතර, එමගින් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය නැංවීම සදහා මහඟු කාර්යයක් ඉටුකරනු ලබයි. මෙම පුහුණු මධ්‍යස්ථානය මගින් ජාත්‍යන්තර ලෙස පිළිගත් කෘෂිකර්ම පුහුණු පාඨමාලාවක් වන කෘෂිකර්ම ක්ෂේත්‍ර සහකාර (NVQ level iv) එක් අවුරුදු කෘෂිකර්ම පුහුණු පාඨමාලාව හා පැළ තවාන් සංවර්ධන සහායක (NVQ level iii) පාඨමාලාව අඛණ්ඩව පවත්වාගෙන යන අතර ප්‍රායෝගික හා න්‍යායික දැනුම ලබා දීම මෙහිදී සිදුකරයි. තවද කොළඹ විශ්ව විද්‍යාලයීය කෘෂිකර්ම තාක්ෂණ පීඨයේ උපාධි අපේක්ෂිත සිසුන් සඳහා ප්‍රායෝගික කෘෂි පුහුණුව (Farm practice course) මෙහිදී ක්‍රියාත්මක කෙරේ. මීට අමතර වශයෙන් විවෘත විශ්ව විද්‍යාල කෘෂිකර්ම උපාධි අපේක්ෂිත සිසුන් හට ත්‍රෛමාසික ප්‍රායොගික කෘෂිකාර්මික පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත්, පාසල් සිසුන් සහ කෘෂිකර්ම අධ්‍යාපනයේ නියැලි විවිධ කණ්ඩායම් සඳහා ප්‍රායෝගික කෘෂිකර්ම දැනුම සපයන තෝතැන්නක් ලෙස හදුන්වා දිය හැක. එමෙන්ම ප්‍රදේශවාසී ගොවි ජනතාවට හා ගෙවතු වගා කරුවන්ට අවශ්‍ය ගුණාත්මයෙන් ඉහළ රෝපණද්‍රව්‍ය නිෂ්පාදනයකර දීම අපේ තවත් එක් අරමුණක් වන අතර, ගොවිපල භූමිය තුළ නිපදවෙන එළවළු ,පලතුරු, පොල්, ගම්මිරිස් හා සත්ත්ව නිෂ්පාදන ඇතුලත් විවිධ කෘෂි නිෂ්පාදන මෙහිදී මිල දී ගැනිමටද අවස්ථාව සලසා ඇත.

වැඩි විස්තර
Card image cap
හොරණ

හොරණ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. එය හොරණ පාදුක්ක මාර්ගයේ හොරණ සිට 5kmක දුරකින් කනන්විල හි පිහිටා ඇත.1948 වර්ෂයේ ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ආරම්භ කර ඇති මෙම ආයතනය අක්කර 13ක භූමි ප්‍රදේශයක විසිරී ඇත. 1976දී එක් අවුරුදු ප්‍රායෝගික පුහුණු පාඨමාලා ආරම්භයත්,1982 වර්ෂයේ කෙටි කාලීන ප්‍රායෝගික පුහුණු පාඨමාලා ආරම්භයත් සමග පළාත තුළ කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන් සදහා මල් වගාව,ආහාර තාක්ෂණය, උද්‍යාන හා භූමි අලංකරණය, පලතුරු වගාව, මීමැසි පාලනය, ගෙවතු වගාව, බිම්මල් වගාව, කාබනික පොහොර නිෂ්පාදනය හා පටක රෝපණ වගාව සදහා දැනුම ලබා දීම හා තවත් පුහුණු පාඨමාලා රාශියක් පවත්වනු ලබයි. 1998 වර්ෂයේදී පාසල් හැරගිය සිසුන් සදහා දින 45ක භූමි දර්ශ නිර්මාණ හා ගෘහ අලංකරණය පාඨමාලාව ආරම්භ කල අතර, වර්තමානය වන විට නාවික හමුදා නිලධාරීන් හා පොලිස් විශේෂ සේවා බලකා නිලධාරීන් සදහා NVQ level iii මට්ටමේ උද්‍යාන අලංකරණ ශිල්පී පාඨමාලාව හා පැළ තවාන් සංවර්ධන සහයක පුහුණු පාඨමාලාව ලබාදීම මෙහිදී සිදු කරයි. එමෙන්ම ප්‍රදේශවාසී ගොවි ජනතාවට අවශ්‍ය ගුණාත්මයෙන් ඉහළ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරදීමත් ගොවිපල භූමිය තුළ නිපදවෙන එළවළු, පලතුරු, පොල්, සත්ත්ව නිෂ්පාදන ඇතුලත් විවිධ කෘෂි නිෂ්පාදන මෙහිදී මිලදී ගැනීමටද අවස්ථාව සලසා ඇත.

වැඩි විස්තර
   පාඨමාලාව ආරම්භක දින සහ ස්ථාන තෝරන්න   
  • පාඨමලාව :- භූමි දර්ශ (Landscape) සංවර්ධන සාහායක NVQ 3 (Free)
  • විෂය :- භූමි දර්ශ පුහුණු පාමලාව (Landscape )
  • කාල සීමාව :- 6 Months
  • ආරම්භක දිනය:- Course Starting Date
  • ආයතනය :- Course Center Name Here
  • දේශකවරුන් :- Lecturer Name Here