
කාබනික පොහොර නිෂ්පාදනය හා බෝග වගාව
කෘෂිකර්මාන්තයේ දී බෝග වල වර්ධනය හා පැවැත්මට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ බාහිරින් පොහොර ලෙස සපයනු ලැබේ. පොහොර ගත්කල කාබනික පොහොර හා අකාබනික පොහොර ලෙස ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. අකාබනික පොහොර කෘතිමව නිෂ්පාදනය කරනු ලබන රසායනික පොහොර වන අතර, කාබනික පොහොර රසායනික දව්‍ය භාවිතා නොකර ශාකමය හා සත්වමය දව්‍ය භාවිතා කොට පරිසර හිතකාමීව නිෂ්පාදනය කරනු ලබන පොහොර වේ. කාබනික පොහොර වගාවන්ට යෙදීම මගින්, බෝග ශාකවලට මෙන්ම පරිසරයටද ඉමහත් වූ ප්‍රතිලාභ රාශියක් ලැබෙන අතර, මහා පරිමාණ වශයෙන් මෙන්ම ගෘහස්ත මට්ටමින් ද කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකි ක්‍රමවේද රාශියක් පවතී. දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයන්හිදී පවත්වනු ලබන දින 02 හි කාබනික පොහොර නිෂ්පාදනය හා බෝග වගාව පුහුණු පාඨමාලාව මගින් ගුණාත්මක කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ විවිධ ක්‍රමවේදයන් ඇතුළුව කාබනික පොහොර ආශ්‍රිත වූ ඉතා වැදගත් කරුණු කාරණා රාශියක් සවිස්තරාත්මකව ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිතව සාකච්ඡා කරනු ලැබේ.
වර්තමානයේ, කාබනික ආහාරවලට ඇති ඉතා ඉහළ ඉල්ලුම හේතුවෙන් බොහොමයක් ගොවීන් කාබනික බෝග වගාවන් සඳහා යොමු වෙමින් පවතී. එහිදී, තම වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ව තමාට ම නිපදවා ගත හැකි නම්, එමගින් සෑහෙන මුදලක් ඉතිරි කරගත හැක. මෙම පුහුණු පාඨමාලාව හැදෑරීමෙන් පසු වඩාත් සුදුසු ක්‍රමවේදය තෝරා ගනිමින්, ගුණාත්මයෙන් යුතු කාබනික පොහොර නිෂ්පාදනයෙන් තම බෝග වගාවන් ගෙන් ඉහළ අස්වැන්නක් ලැබෙන පරිදි වගා කටයුතු සිදු සිදුකිරීමටත්, කාබනික පොහොර අලෙවියෙන් අමතර ආදායමක් ද උපයා ගත හැකි වන ලෙස ගෘහස්ත මට්ටමෙන් මෙන්ම ව්‍යාපාරික මට්ටමෙන් ද කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කළ හැක. මෙම පාඨමලාව සාර්තකව අවසන් කරන සිසුන් වෙත පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමන අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවක තාක්ෂණික සහයෝගය ලබා ගත හැකිය.
පාඨමාලාව ආරම්භක දින සහ ස්ථාන තෝරන්න

-
පාඨමලාව :-
කාබනික පොහොර නිෂ්පාදනය හා බෝග වගාව
(Free) - විෂය :- කාබණික පොහොර නිෂ්පාදනය
- කාල සීමාව :- 2 Days
- ආරම්භක දිනය:- Course Starting Date
- ආයතනය :-
- දේශකවරුන් :- Lecturer Name Here
